එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වූ බවට වන දැන්වීමක් තවමත් තමන්ට නොල...
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වූ බවට වන දැන්වීමක් තවමත් තමන්ට නොලැබුණ බව කතානායක කරු ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයා මේ බව පැවසූවේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමිනි.
අද දිනයේදි මාධ්‍ය වාර්තා කළ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව ඇත්දැයි යන්න පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.
COMMENTS