ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබා දී තිබේ. ශවේන්ද්‍ර සිල්...
ශවේන්ද්ර සිල්වා මහතා මෙම මස 21 වැනිදා සිය ධුරයෙන් වශ‍්‍රාම යාමට නියමිතව තිබිණ.
මීට පෙර ද ශවේන්ද‍්‍ර සිල්වා මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස 6ක සේවා දිගුවක් ලබා දී තිබිණි.
එමෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාටද මාස හයක සේවාවක් සේවාව ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත. ඔහු ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 31 වැනිදායි.
ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම විදේශීය රටවල් ගණනාවක් සිය විරෝධය අවස්ථා කීපයේදීම පළකර තිබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා ද ඒ නොතකා ශවේන්ද‍්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදාපති ධුරයේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලදී.
COMMENTS