උතුරේ ඇතැම් අන්තවාදී දේශපාලඥයන් ශ්‍රී ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකා...
උතුරේ ඇතැම් අන්තවාදී දේශපාලඥයන් ශ්‍රී ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහ පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.
වසර හැට පහකට වැඩි කාලයක් සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ ජාතික ගීය යළි වෙනත් භාෂාවකින් ගායනා කරන ලෙස ඉල්ලා සිටින දේශපාලඥයන් උත්සහා කරන්නේ ශ්‍රී ලංකාව අන්තවාදයක් කරා යොමු කරවීමට බව උන්වහන්සේ සඳහන් කළහ.
අපගේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමට මිත්‍ර රටක් වන ඉන්දියාවේ තමිල්නාඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද උන්වහන්සේ පැවසූහ.
නමුත් සිංහල බෞද්ධ නායකයන් මෙන්ම සිංහල බෞද්ධ ජනතාව ඊට නොරැවටී ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු යැයි උන්වහන්සේ අවධාරණය කළහ.
COMMENTS