දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" - (Audio)
Homeප්‍රවෘත්ති

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" - (Audio)

PropellerAds

පා ර්ලිමේන්තුව වාර අවසාන කර තැබීම තුළ කෝප් කමිටුව අහෝසි වී ඇති බැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂට හා මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂ...

කෝප් වාර්තාව නිකුත්වූ විගස කළයුතු දේ ගැන ජවිපෙ කියයි
රවීට එරෙහිව චෝදනා 12ක් - ඒකාබද්ධය අල්ලස් කොමිසමට යයි (VIDEO)
ගම්මන්පිලට රට යන්න අවසර
පාර්ලිමේන්තුව වාර අවසාන කර තැබීම තුළ කෝප් කමිටුව අහෝසි වී ඇති බැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂට

හා මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂට මෙම වාර්තාව නීතිපති වෙත යොමු කොට කඩිනමින් අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව 'අලුත් පියාපත්' සංවිධානය පවසයි.

සමාජය තුළ දැඩි අවධානයක් යොමුව පවතින, 2002 වසරේ සිට 2015 දක්වා සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලට අදාල වෝහාරික විගණන වාර්තාව පිළිබඳ සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳව, අලුත් පියාපත් සංවිධානය විසින් දෙසැම්බර් 19 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණි.
අලුත් පියාපත් සංවිධානය එම කරුණු අනාවරණය කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හා එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මිට ඉහතදී කළ ප්‍රකාශ හා ඔවුන් දෙදෙනා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ද සිහිපත් කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නීතීඥ ශානිකා ද සිල්වා,


''රටේ විශාල කතාබහක් වුන ව්‍යවාහාරික විගණන වාර්තාව සම්බන්ධව (බැදුම්කර වාර්ථාව) අපි කතා කල යුතුයි.. එහි නීතිමය පැත්ත වැදගත්.. 2002 සිට 2015 දක්වා මහබැංකුව  සිදුකල විමර්ෂණ මෙම ව්‍යවාහාරික විගණන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා.. කෝටි පන්ලක්ෂයකට අදාල මුල්‍ය වංචාවන් සම්බන්ධව මෙම ව්‍යවහාරික විගණන වාර්ථා තුල ඇතුලත්වෙලා තියෙනවා.

මෙම වාර්තාව මේ වන විට පාර්ලිමේන්තු ට ඉදිරිපත් කරලා තියෙනවා.. නමුත් දැන් පාරිලිමේන්තුවේ වාර අවසන් කරලා තියෙන්නේ… ඒ නිසා එහි විමර්ෂණ ඇනහිටලා තියෙනවා.. මේ නිසා වෝහාරික විගණන වාර්තාව පිලිබදව ක්‍රියාත්මක වීම ඇනහිටලා තියෙනවා..

මේ වෙලාවේ අගමැති මෙන්ම මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ මහතාට පුලුවන් මෙම වාර්ථාව නීතිපති වෙත ඉදිරිපත් කරලා මෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්න.. නමුත් අගමැති තවමත් එවැනි දේකට යොමුවෙලා නෑ..

ඒ නිසා අපි කියන්න කැමතියි මේ බැදුම්කර වංචාව හරහා  නාස්තිවෙලා තියෙන්නේ අපේ මුදල්.. අපි පුරවැසියන් විදිහට මේ මුදල් වලට මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපට දැනගත්ත අයිතියක් තියෙනවා.. ඒනිසා අපි කියනවා මුදල් ඇමති විදිහට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධව මැදිහත් වෙන්න කියලා. මොකද ඒක ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ කතාබහට ලක්වුන මාකෘකාවක් වුනා..


අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික මාධ්‍යවේදී නාරද බක්මීවැව එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසිය.

''ජනාධිපතිවරනය පවත්වා දැන් මාසයකට පමණ කාලයක් ගතවෙනවා. ජනාධිපතිවරනය කාලයේ නීතිය වංචාව සම්බන්දව රාජ්‍ය සේවය නගා සිටුවීම සම්බන්දව බහුලව කතා කලා…

ඔවුන් කීවා අපේ සමහර අය කරපු වැරදිත් හදාගෙන තමයි අපි බලයට එන්නේ කියලා කියනවා.. නමුත් අද වනකොට පාර්ලිමේන්තුව වාර අවසාන කරලා අවසන්.. ඒ එක්කම කෝප් කමිටුවේ කාලයත් අවසන් වෙනවා.. කෝප් කමිටුව හරහා ආයතන 23 ක සිදුවු දූෂණ අක්‍රමිකතා පිලිබදව විමර්ෂණය කරලා අවසන් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ අවසන් වාර්ථාවත් පාර්ළිමේන්තුවට ලබාදීලා අවසන්.. නමුත් පාරිල්මේන්තුව වාර අවසන් කිරීමත් සමගම කොප්කමිටුවත් අවසන් වෙනවා..

ගොඨාභය මහත්තයා බලයට ආවට පස්සේ මේ වනකොට ගොඩක් දේවල් සිදුකරමින් යනවා.. රාජ්‍ය ආයතන තුල තමන්ගේ ඡායාරෑප ඉවත්කීරීම වගේ හොද දේවල් කරනවා..නමුත් රට අගාදයට ඇද දමපු පුද්ගලයින්ගේ වාර්ථා ඇතුලත් කොප් කමිටු වාර්ථාව සම්බන්ධව මේ වනතෙක් නිසි පියවරක් ගෙන නෑ.. විශේෂයෙන්ම  විමර්ශන අවසන් කරලා තියෙන කොප්කමිටු වාර්ථාවඉදිරියට ගෙනයෑම ඔවුන්ගේ කටයුත්තක්.

විශේෂයෙන්ම කොප් කමිටුව හෙලිකල පරිදි  මහබැංකු වංචාව රටට සිදුකල මහා බරපතල වංචාවක්… මෙවැනි දැවැන්ත වංචාවක් සම්බන්ධව හෙලිදරව් වෙලා අවසන් වෙලා තියෙද්දීත් මෙහි නීතිමය කටයුතු ඉදිරියට ගෙනයන් නැත්තම් ඒක පාලකයින් රටට කරන ලොකු දෝහි කමක්.. ඒ නිසා මෙහි නීතිමය කටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා අප කියනවා. එය ජනාධිපතිතුමාගේත් අගමැති තුමාගේත් වගකීමක් බව අප කියනවා… ඔවුන් බලයට පැමිණිමේ දී කියපු පරිදි මේ පොරොන්දු සිදුකරයි කියලා හිතනවා..

මීට අමතරව සමාජ ක්‍රියාකාරිනී ව්‍රායි බල්තසාර්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක සමාජ ක්‍රියාකාරික එරංග ගුණසේකර මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හ.

“කෝප් කමිටුවට වගේම විෂය භාර ඇමැති හැටියට මුදල් ඇමැතිවරයාට මෙම වාර්තා ලබාගෙන අවශ්‍ය පියවර ගත හැකියි. මුදල් ඇමැති හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මේ ලේඛන ලබාගැනීමට සම්පූර්ණ බලය තිබෙනවා. ඊට අමතරව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශාල ජනවරමකුත් තිබෙනවා. '' යයි ඔවුන් එහිදී පැවසුහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" - (Audio)
ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" - (Audio)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghneRySvyiAC7oumIYiwng511RJ6swYVwAxttvzq5smwwvzsqTrZfyXHHh7CO7ykkoTG29GclTPDQ4GEuEtHYwkqZUNnzXFQxfb6qUTWT0r1LAy7aythmc5fsC0BCFsFlYC4MdM7C2LC8c/s320/Aluth-Piyapath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghneRySvyiAC7oumIYiwng511RJ6swYVwAxttvzq5smwwvzsqTrZfyXHHh7CO7ykkoTG29GclTPDQ4GEuEtHYwkqZUNnzXFQxfb6qUTWT0r1LAy7aythmc5fsC0BCFsFlYC4MdM7C2LC8c/s72-c/Aluth-Piyapath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/audio.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/audio.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy