2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්...
කෙසේවෙතත් එය ජනාධිපතිවරයා සතු තීරණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේම තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවත් එහි සාමාජිකයකු ලෙස දිගටම කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් වැඩිවීමේ ගැටළුව විසඳාගැනීම සඳහා ඇප මුදල් වැඩිකළ යුතු බවත් ඊට අදාළ පනත් කෙටුම්පත් සකස් කර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම විදෙස්ගතව සිටින පිරිස් සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට 2025 වනවිට අනිවාර්යයෙන්ම නීති සම්පාදනය කළ යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.
COMMENTS