කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ. අද පෙරව...
අද පෙරවරුවේ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා අත්සන් කල අවස්ථාවේ නුගේගොඩ නිවසටද පැමිණ සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේ මුසම්මිල් මහතා ය.
එක්සත් ජාතික පක්‍ෂ නගරාධිපති වුවද ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටුමක් ඇති නොවී නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කොළඹ නගරය විධිමත්ව ගොඩනැගීමට කටයුතු කරන ලද්දේ එම කාලයේදීය.
මුසම්මිල් මහතා පසුගිය මැතිවරණට ඉදිරිපත් වූයේ නොම්මර එකේ යූඑන්පී කාරයා යන තේමාවෙනි.
COMMENTS