දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපයේ බලය සුළු පක්ෂ අල්ලා ගනියි !
Homeප්‍රවෘත්ති

එජාපයේ බලය සුළු පක්ෂ අල්ලා ගනියි !

PropellerAds

ජ නාධිපතිවරණයේදී දකුණේ ඡන්ද ප්‍රතිශතය පිරිහීමත් සමඟ සුළු පක්ෂ විසින් එජාපයේ අභ්‍යන්තර බලය අල්ලා ගැනීමට සමත්ව ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර...

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා - පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී කියයි
එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි - Bloomberg ලෝ පුරා කියයි
ඉල්ලා අස්වන්න සූදානම්... නව අගමැති ඉක්මනින්ම පත් කරන්න... මහින්ද ඊයේ හවස සෝභිත හිමිට දන්වලා!
නාධිපතිවරණයේදී දකුණේ ඡන්ද ප්‍රතිශතය පිරිහීමත් සමඟ සුළු පක්ෂ විසින් එජාපයේ අභ්‍යන්තර බලය අල්ලා ගැනීමට සමත්ව ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව, එජාපයේ සියලු තීන්දු තීරණවලට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයේ බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී දකුණේ ඡන්ද පදනමේ බිඳවැටීමත් සමඟ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වය කණ්ඩායමක් සඳහා ලබාදෙමින් එජාපයෙන් ඈත්වූ බෞද්ධ ඡන්ද වර්ධනයකර ගැනීමට සැලැසුම් ඉදිරිපත් කර තිබිණි.

කෙසේවුවද, එම ප්‍රතිසංස්කරණවලට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් දැඩි ලෙස විවේචන එල්ලකර තිබූ බව පැවසේ.

පසුව එජාප මතය හා රැඳීමට නොහැකිනම් ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරගකරන ලෙස අදාළ පක්ෂවලට එජාප නායකත්වය දැනුම්දී තිබූ බවද වාර්තා වේ.

ඒ අනුව එජාපයෙන් වෙන්වී තරග කිරීමේ අදහසින් බැහැරව සිටි මනෝ හා හකීම් ජනපතිවරණ පරාජයෙන් පසුව දේශපාලනයට සමුදීමට සූදානම් වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයට ගෙනඒමේ සටන ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, තමා නැවත දේශපාලනයට පැමිණෙන්නේ නම් විපක්ෂ නායකත්වයත් පක්ෂ නායකත්වයත් යන දෙකම අවශ්‍ය බවට වන මතයේ සජිත් තරයේ එළඹ සිටි බවත් එයද අදාළ පිරිස සිය වාසියට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එජාපය සමඟ තරගකර වැඩි මන්ත්‍රීධූර ප්‍රමාණයක් ලබාගෙන පොහොට්ටුව සමඟ ආණ්ඩුවක් පිහිටුවීමේ කූට උපායක් ක්‍රියාත්මක කරමින් සිටින බවට මේ අතර, එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් චෝදනා එල්ලවී ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගනේෂන් මහතාගේ හා හකීම් මහතාගේ පෙර හැසිරීම් සම්බන්ධයෙන් පෙන්වාදෙමින් වික්‍රමසිංහ මහතාට එජාප පක්ෂ නායකධූරයෙන් ඉවත් නොවන ලෙසට එම ජ්‍යෙෂ්ඨයන් පිරිස බලපෑම් කරමින් සිටින බවද පැවසේ.

දිස්ත්‍රික්කවල වැඩිම ගණන්කාරයෝ තාවමත් රනිල් එක්කයි

මිරර් වෙත අදහස් දක්වමින් එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු කියා සිටියේ අදාල තත්ත්වය නිසා පක්ෂය තුළ නැවත කල්ලිවාදයක් ඇතිවෙමින් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවමත් දිස්ත්‍රික්කවල වැඩිම මනාප ගන්නා එජාප මන්ත්‍රීවරුන් පිරිස සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවයි.

උදාහරණයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ පී හැරිසන්, මහනුවර ලක්ෂ්මන් කිරිඇල්ල, නුවරඑළියේ නවින් දිසානායක හා කුරුණෑගල අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් පෙන්වාදිය හැකි බවද ඔහු කියා සිටියේය.

ගනේෂන් හා හකීම්ගේ පැටිකිරිය

වසර 2010 දී එජාපය සමඟ එක්ව තරග කළ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ එම පක්ෂයේ නායකයා වූ  මනෝ ගනේෂන් මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර ඔහුගේ සහෝදරයා කොළඹින් තරග කළේය.

ඒ අවස්ථාවේ එම පක්ෂය එජාපයෙන් එක් ලයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලාසිටි අතර එයට නම්කර තිබුණේ ගනේෂන් මහතාගේ බාල සොයුරාය.

කෙසේවුවද, එවර ගනේෂන් මහතාට මහනුවරින් මන්ත්‍රීධූරයක් හිමිකර ගැනීමට නොහැකි විය. ඔහුගේ සහෝදරයා වූ ප්‍රභා ගනේෂන් මහතා කොළඹින් එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ අතර ඔහු පසුව මහින්ද රාජපක්ෂ මහතාට එක් විය.

ඒ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි ලයිස්තු මන්ත්‍රීධූරය අදාළ පක්ෂයට නොදුන් අතර යම් හෙයකින් එම මන්ත්‍රීධූය ගනේෂන් මහතාගේ සොයුරාට ලබාදී තිබුණේ නම් ඔහුද රාජපක්ෂ මහතාට එක්වනු ඇති බව එකළ මතය වී තිබිණි.

එසේම, හකීම් මහතා ද එවර එජාපයෙන් තරග වැදී පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට එක්විය.

මේ අතර, වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පොරොන්දුවූ බවට ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරනු ලබුවේද මනෝගනේෂන් මහතා විසින් බව අතර මෙතෙක් මේ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා කිසිවක් ප්‍රකාශ කර නොමැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයේ බලය සුළු පක්ෂ අල්ලා ගනියි !
එජාපයේ බලය සුළු පක්ෂ අල්ලා ගනියි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje16dnnV6lo6T04Zx_ZpyBEkSahQjl4xAt4KCczJbL8HYlYYtCIazPjZ4KhqzY8i41wTNVfEzrqIlW85KOtykejJCFLjYd_MJcwsXlteioeKB5MoHEXRTug-8N472zZeuXnzmFdR_J1sph/s320/692e1123440bba25cd76f2b2d30082a7_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje16dnnV6lo6T04Zx_ZpyBEkSahQjl4xAt4KCczJbL8HYlYYtCIazPjZ4KhqzY8i41wTNVfEzrqIlW85KOtykejJCFLjYd_MJcwsXlteioeKB5MoHEXRTug-8N472zZeuXnzmFdR_J1sph/s72-c/692e1123440bba25cd76f2b2d30082a7_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_951.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_951.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy