දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මගේ පාලනයේ දූෂිතයන්ට ඉඩක් නෑ“ - සජිත් ප්‍රේමදාස
Homeප්‍රවෘත්ති

“මගේ පාලනයේ දූෂිතයන්ට ඉඩක් නෑ“ - සජිත් ප්‍රේමදාස

PropellerAds

ජ නාධිපතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය, වේදිකාවේදී කියන සහන ජනතාවට දෙන්නේ කෙසේද, රට ගොඩනඟන්නේ කෙසේද යනාදී කරුණු සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍ර...

කොළඹ විනිසුරුවරයකුගේ දුරකථන ටැප්කළ හැකි උපකරණ සීඅයිඩිය සවිකරලා
ජාතිවාදීන් ගැන නලීන්ගෙන් අලුත් සූත්‍රයක්
බස් ප්‍රශ්න කියන්න ගැමුණු මානව හිමිකම් යයි (VIDEO)
නාධිපතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය, වේදිකාවේදී කියන සහන ජනතාවට දෙන්නේ කෙසේද, රට ගොඩනඟන්නේ කෙසේද යනාදී කරුණු සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


ප්‍රශ්නය:- ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිණිලා, ප්‍රධාන අපේක්ෂකයකු හැටියට දැන් ඔබේ තක්සේරුව කුමක් ද?
පිළිතුර:- ජයග්‍රහණය ගැන ගැටලුවක් නැහැ. එය ස්ථිරයි. පොදු ජනතාවගේ නායකයකුගේ අවශ්‍යතාව අද ජනතාවට තිබෙනවා. ඒකාධිපතියකුට වඩා පොදු ජනතාව සමඟ ජීවත්වන පොදු ජනතාවගේ ජීවන සුවඳ හඳුනන ජනනායකයකු රටට අවශ්‍ය බව මේ වන විට ජනතාව තීන්දු කර හමාරයි. දැන්  අපට තිබෙන්නේ රට හදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි. එම නිසා ජයග්‍රහණය ගැන සැකයක් තබාගන්න එපා.

ප්‍රශ්නය:- ඔබ කියන ආකාරයේ තක්සේරුවක සිටින්නට තරම් බලපා තිබෙන හේතු සාධක මොනවාද?

පිළිතුර:- මොකද මම එන්නේ පවුලක් නඩත්තු කරන්න නොවෙයි. ජනතාව නඩත්තු කරන්නයි කියන එක රටේ පොදු මහජනතාව දන්නවා. අනෙක ජනතාවට ඕනේ රට දියුණු කරන්න මිසක් පවුලක් දියුණු කරන්න නොවෙයි. පිරිසුදු වතුර ඉල්ලනකොට උණ්ඩයෙන් පිළිතුරු දෙන පාලනයක් මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය නිදහස්ව, නිවහල්ව ජීවත් වෙන්නයි. මා වසර 25 ක පමණ කාලයක් ජනතාව සමඟ වැඩ කරමින් ඔවුන්ගේ නාඩිවැටෙන හැටි දන්නවා. ආර්ථික වශයෙන් ශක්තිමත්, තාක්ෂණික වශයෙන් උසස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මම පෙනී සිටිනවා. රට හදන වැඩපිළිවෙළ මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජනතාව එය පිළිගනීවි. රට හදන වැඩපිළිවෙළ ගැන කතා කරන්න මම මගේ ප්‍රතිවාදියාට කතා කළා. එහෙත් ඔහු එය මඟ හැරියා. මා නම් හිතන්නේ එවැනි දෙයක් කරන්න පුළුවන් වුණා නම් අපට අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තිබුණා. ජනතාව පවුලක් නඩත්තු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා දන්න නිසා මා හොඳ තක්සේරුවක ඉන්නවා.;

ප්‍රශ්නය:- ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැගී තිබෙන පසුබිමක ඔබ කියන කාරණය යථාර්ථයක් වේද?

පිළිතුර:- ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමකට ලක්ව නැහැ. එහෙත් යම් යම් කාරණා ගැන ඔවුන් තුළ ගැටලු තිබෙනවා. ඒවා මා හඳුනාගෙන තිබෙනවා. ආරක්ෂාව ගැන ජනතාවට ගැටලුවක් මතුව තිබෙනවා. මා ඒ වෙනුවෙන් සැබෑ යුද වීරයා වන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අපේ රජයේ ආරක්ෂාව පිළිබඳ වගකීම බාර දෙන්න තීරණය කර තිබෙනවා. අනෙක මා දූෂණයට වංචාවට එරෙහිව අරගලයට නායකත්වය සපයන්නේ ආදර්ශයෙනුයි. දූෂණ චෝදනා ඇති, අයහපත් අතීතයක් ඇති පුද්ගලයන්ට මගේ නායකත්වය යටතේ ඇති රජයක ඉඩ ලැබෙන්නේ නැහැ කියලා මම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබගේ ප්‍රතිපත්තිය පොරොන්දු හැටියට වේදිකාවේ දිගහැරුණා. මේ පොරොන්දු මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පෙරළිය හැකිද?

පිළිතුර:- මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් හැටියට මම ඉදිරිපත් කරලා තියෙන්නේ මහපොළොවේ යථාර්ථයක් බවට පත් වෙන යෝජනා පමණයි. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කුලුනු 3 ක් මත පදනම්ව ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය වෙළෙඳ පොළ හා සමාජය කියන කරුණු 3 පදනම් කරගෙන තමයි ප්‍රතිපත්ති ප්‍රාකශය ඉදිරිපත් කර තිබෙන්නේ. ආර්ථික වශයෙන් ශක්තිමත්, තාක්ෂණික වශයෙන් උසස් ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සෑම ගොවියකුටම නොමිලේ පොහොර දෙන්නේ අරමුණක් ඇතිවයි. කෘෂිකර්මාන්තය දියුණු වීමෙන් රටට අවශ්‍ය ආහාර රට තුළම නිපදවෙනවා. එවිට ආනයනය වෙනුවෙන් කිරීමට වෙන වැය බර අඩු වෙනවා. අද ලෝකය ගමන් කරන්නේ ඩිජිටල් තාක්ෂණය පදනම් කරගෙනයි. තාක්ෂණික උද්‍යාන, තාක්ෂණික විද්‍යාල හරහා ඇතිවන්නේ නවෝත්පාදන ආර්ථිකයක්. ඉතින් මේවා මහපොළොවේ යථාර්ථයක් නොවන දේවල්ද? කාන්තා ප්‍රඥප්තිය, තරුණ ප්‍රඥප්තිය තුළ දියුණු වන්නේ රටේ ජනතාවයි. මෙය රටක් ලෙස ශීඝ්‍ර සංවර්ධනයකට රට ගමන් කරවීමක්.

ප්‍රශ්නය:- දැන් රටේ පවතින ආර්ථික වාතාවරණය යටතේ මේ පොරොන්දු ඉටු කිරීමට වන වැය බර දරාගන්න තරම් ශක්තියක් නැති බව පැහැදිලියි. එසේ නම් ඔබේ තර්කයේ වලංගුභාවයක් තිබේ ද?

පිළිතුර:- පොරොන්දු ඉටු කරන්න පුළුවන් ආර්ථිකයක් රට තුළ තියෙනවා. මෙතැනදි ඇති කරන්න ඕනේ ආර්ථික විනයක් පමණයි. දූෂණය, වංචාව, නාස්තිය කියන ආර්ථික කූඩයේ තිබෙන හිල් වසා දැම්මාම ඔබ නැතැයි කියන කාරණා කරන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ලැබෙනවා. මුල්‍ය ශක්තිය ලැබෙනවා. අපේ රටේ සම්ප්‍රදායක් තියෙනවා අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණාම මේ අලුත් කණ්ඩායමට අලුත් වාහන ගේන්න ඕනා කියලා. මම මේ සම්ප්‍රදාය බිඳින්න තීරණය කළා. ඒ ආදර්ශය දෙන්නේ මගෙන්. මොකද මම තීරණය කර තිබෙනවා මට හෝ අගමැතිවරයාට හෝ මැති ඇමැතිවරුන්ට හෝ වෙඩි නොවදින වාහන නොගෙන්වන්න. ඒ වගේම ඔය කිසිවෙකුට අලුත් වාහන ගෙන්වන්නෙත් නැහැ. මෙවැනි නාස්තිකාර වියදම් නතර කළාම ඉතිරිවෙන මුදල් මේ කියන පොරොන්දු ඉටු කරන්න යොදා ගන්න පුළුවන්. අනෙක මම සහන දෙන්නේ ආර්ථිකය වර්ධනය කරන අංශවලට. එය වැය බරක් නොව අලුත් ආදායම් මාර්ග උපදවන පිළිවෙත් ලෙසයි මම දකින්නේ.

ප්‍රශ්නය:- පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු කුට්ටම් දෙකක්, දිවා ආහාර, පෙරපාසල් දරුවන්ට දිවා ආහාර, කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා, වතු කම්කරුවන්ට දිනකට 1,500ක්, යනාදී වශයෙන් ජනප්‍රිය පොරොන්දු රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ජනප්‍රිය පොරොන්දු හැරෙන්නට රට නංවන ප්‍රතිපත්තිය මොකක් ද?

පිළිතුර:- ඇයි අපි පාසල් දරුවන්ට නොමිලේ නිල ඇදුම් සපත්තු දිවා ආහාරය දෙන්නේ? පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවශ්‍ය පහසුකම් සලසන්නේ දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකයක් බිහි කරන්න. ජන සමාජයේ උගතුන් බුද්ධිමතුන් බිහිවීමේ වාසිය අත්වෙන්නේ කාටද? ඒ වාසිය එන්නේ රටට. කාන්තාවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කළාම එහි වාසිය එන්නේ කොතනටද? පුරුෂ පාර්ශවයට සමානව කාන්තාවන්ද අද ආර්ථිකයට ශක්තිය දෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙත් කාන්තාවන් මුහුණ දෙන මේ අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය දුර්වල වෙනවා. ගැබ්ගෙළ පිළිකා, වකුගඩු රෝග ඇතිවුණාම මේ අය ආර්ථික දායකත්වයෙන් ඉවත් වෙනවා. කාන්තාව ලෙඩෙක් වෙනවා නොව ඇය නිරෝගිමත්ව ආර්ථිකයට ශක්තිය දෙන්න දායකවීම නේද වැදගත් වෙන්නේ. ලංකාවට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවන්ට වැටුප වැඩි කිරීම තුළ ඒ අය සතුටින් රැකියාව කරනවා. ශ්‍රම ශක්තිය වැඩි වෙනවා. මේවා ජනප්‍රිය පොරොන්දු ලෙස පෙනුණත් එයින් වෙන ආර්ථික වාසිද තිබෙනවා. පොඩි මිනිහා දියුණු කිරීම තුළ දියුණු වන්නේ රටේ ආර්ථිකයයි. තාක්ෂණික විද්‍යාල, තාක්ෂණික උද්‍යාන, ඇති කිරීම තුළ ලෝක ආර්ථිකයේ වැඩිම පංගුව හිමි ඩිජිටල් ආර්ථිකයට යා හැකි වෙනවා.

ප්‍රශ්නය:- සමෘද්ධියට අමතරව ජනසවිය දෙන බවත් ඔබ කියනවා. මෙයින් කරන්නේ රටේ දුප්පත්කම තවත් වැඩි කිරීමක් නොවේද?

පිළිතුර:- දුප්පත්කම සදාකාලිකව පවත්වාගෙන යාම අපේ අරමුණ නොවෙයි. දුප්පත්කම තුරන් කිරීමට තමයි මගේ පියාණන් ජනසවිය වැඩසටහන ආරම්භ කළේ. එම වැඩපිළිවෙළ ඉදිරියට ගියා නම් අද දුප්පත් ප්‍රජාවක් රටේ ඉතිරි වෙන්නේ නැහැ. එහෙත් පසුකාලීනව ආරම්භ කළ සමෘද්ධි වැඩසටහනත් දුප්පත්කම නැතිකරනවා වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගත්තා. අපි සමෘද්ධිය ක්‍රියාත්මක කරන ගමන් ජනසවියත් දෙන්න තීරණය කළේ ඉක්මනින් දුප්පත්කම තුරන් කිරීමටයි. දුප්පත්කම තුරන් කිරීම අපි කෙටිකාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරනවා. 2025 වන විට දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

ප්‍රශ්නය:- රටේ ආර්ථිකය අඩාල වීමෙන් බදු ආදායම සෑහෙන පමණ පහත වැටිලා. එවන් පසුබිමක බදු අඩු කිරීමට කතා කිරීම කොතරම් ප්‍රායෝගික ද?

පිළිතුර:- බදු අය කරගත යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නවා වගේය කියලා කියමනක් තියෙනවා. ඉතින් අපි යන්නේ එතැනටයි. අද වන විට රජය විසින් එකතු කරනු ලබන සෑම රුපියලකින්ම ශත 80 ක් ලැබෙන්නේ භාණ්ඩ හා සේවා වලින්. මෙම වක්‍ර බදුකරණය අපගේ රටේ දුප්පත් ජනතාවට බලපානවා. මොකද භාණ්ඩ හා සේවා මගින් තමයි මේ බදු අය වෙන්නේ. එම නිසා ආදායම් බදු, දේපළ බදු සහ වෙනත් ප්‍රගතිශීලි බදු ක්‍රම හරහා ඍජු බදුකරණය අපි ශක්තිමත් කරනවා. බදු සහන ලබාදීම තුළ අයෝජන ලංකාවට එනවා. දේශීය ව්‍යාපාරිකයන්ට ශක්තියක් ලැබෙනවා. ආදායම් වැඩි කරමින් සෘජු බදු ක්‍රම මගින් ආදායම් වැඩි කර ගැනීම තමයි අපේ අපේක්ෂාව.

ප්‍රශ්නය:- ඒ වගේම රජයට ආදායම් නැති තැනක තවත් සහන දීමට යාමෙන් ඇතිවෙන්නේ අර්බුදයක් නොවේද?

පිළිතුර:- රජයට ආදායම් තියෙනවා. නැති කළ යුත්තේ දූෂණය, වංචාව හා නාස්තියයි. ඒ වගේම ආදායම් උපදවන අයෝජන රටට ගෙන එනවා. මම මීට පෙර ප්‍රකාශ කළාසේම සහන දෙන්නේ ආදායම් වැඩි වෙන තැන් බලලයි. නොමිලේ පොහොර ලබාදීම, තාක්ෂණ උද්‍යානවල කර්මාන්ත පටන් ගන්නා තරුණයන්ට මූලික ප්‍රාග්ධනය ලබාදීමෙන් කරන්නේ රාජ්‍ය ආයෝජනයක්.

ප්‍රශ්නය:- රටම බරපතළ ණය අර්බුදයක. එයින් රට මුදා ගැනීමට ඔබට ඇති වැඩ පිළිවෙළ මොකක්ද?

පිළිතුර:- මුලින්ම රටේ ණය අර්බුදය ඇති වුණේ කොහොමද කියලා බලන්න ඕනේ. 2015ට පෙර ගෙනා ව්‍යාපෘති හේතුවෙන් රට ණය උගුලක හිරවුණා. කොහොමවුණත් රාජ්‍ය ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා අපි ස්වාධීන ණය කාර්යාලයක් පිහිටුවනවා. විදේශ ණය ගැනීම් නියාමනය කිරීමෙන් සහ අපගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමෙන් අපි අපේ ආර්ථික ස්වෛරීභාවය ආරක්ෂා කරනවා. අපි සැම විටම ලාභ දායකම ප්‍රභවයන්ගෙන් ණය ලබා ගන්න තමයි කටයුතු කරන්නේ.

ප්‍රශ්නය:- ආණ්ඩුව කරන්නේ ඔබලා. වසර හතරහමාරක් මේ කියන ඒවා නොකළේ ඇයි? කියලා ප්‍රතිවාදීන් මතුකරන ප්‍රශ්නය ගැන මොකද කියන්නේ?

පිළිතුර:- පසුගිය කාලයේ අපි මහින්ද රාජපක්ෂ පාලනය ගත් ණය ගෙවපු එක තමයි කළේ. අනෙක් කාරණය පක්ෂ දෙකක ආණ්ඩුවක් පැවැතීම නිසා එක ප්‍රතිපත්තියක වැඩකරන්න ලැබුණේ නැහැ. එහෙත් මෙවර අපි ඉල්ලන්නේ තනි යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න බලය ලබා දෙන්න කියලයි. එවිට මගේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්.

ප්‍රශ්නය:- ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන ඔබ කතා නොකරන්නේ ඇයි? මේ ගැන ඔබේ ස්ථාවරය මොකක් ද?

පිළිතුර:- ආණ්ඩුව හා ඇමරිකා එක්සත් ජනපදයේ සහස්‍ර සහයෝගීතා සමාගම අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම ලබන 16 දා දක්වා කිසිදු ලෙසකින් අත්සන් නොතැබීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව හෝ එම ගිවිසුම අත්සන් කරන්නේ නම් ඒ පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවාදයකින් පසුවයි. එමෙන්ම කිසිදු ලෙසකින් රටට අහිතකර ගිවිසුමකට මා එළැඹෙන්නේ නැහැ. මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදුවන්නේ ගෞරවනීය මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කොට අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුවයි.

ප්‍රශ්නය:- වංචා දූෂණ කළ අයට ඔබේ පාලනයක් යටතේ ඉඩ නැති බව කිව්වත් දෙපැත්තේ ඉන්නේ වංචාවට දූෂණයට සම්බන්ධ අය බවට නැඟෙන චෝදනාව ගැන කියන්නේ කුමක් ද?

පිළිතුර:- මම පැහැදිලිව කියා තිබෙනවා, මගේ පාලනය යටතේ වංචනිකයන්ට, දූෂිතයන්ට ඉඩ නැහැ කියලා. මම කිව් දෙයක් ආයේ වෙනස් කරලා නැහැ. දූෂණ චෝදනා ඇති අයහපත් අතීතයක් ඇති පුද්ගලයන්ට මගේ නායකත්වය යටතේ ඇති රජයක ඉඩ ලැබෙන්නේ නැහැ. රාජ්‍ය පාලන ව්‍යුහයේ සෑම සාමාජිකයකුම මේ රටේ ජනතාවට වගකිව යුතුයි. දූෂණය සහ ඥාති සංග්‍රහය මුලිනුපුටා දැමීමට මා කැපවෙනවා. රටට වින කරන, රට විනාශ කරන අයට මගේ ආණ්ඩුවේ ඉඩක් නැහැ. දූෂිත කම්බ හොරුන්ට තනතුරු දෙන කිසිම පත්වීම් ලිපියකට මම අත්සන් කරන්නේ නැහැ. දුෂිතයන් තැබිය යුතු තැන තබන්න මගේ පාලනය යටතේ කටයුතු කරනවා.

ප්‍රශ්නය:- උතුරේ ඡන්ද ගන්න දෙමළ පක්ෂවලට ඔබ රහසේ එකඟත්වය පළ කළ බවට කුකුසක් මතුව තිබෙනවා නේද?

පිළිතුර:- සහාය දෙන්නේ කිසිම කොන්දේසියකට හෝ එකඟතාවකට යටත්ව නොවේ කියලා දෙමළ පක්ෂත් කියා තිබෙනවා. මාත් කියනවා. ඉතින් ඊට වඩා සහතිකයක් තවත් තියෙනවාද? මේ සජිත් ප්‍රේමදාස කිසිවකුගේ කිසිම කොන්දේසියකට යටත් වෙන්නේ නැහැ. ඔය කියන කුකුස මතු කරන්නේ කව්ද? තමන්ට ඒ ජනතාව අකැමැති බව පැහැදිලිව දන්නා නිසා ජාතිවාදය වපුරනවා. බොරු බිල්ලෝ මවනවා. එහෙත් සත්‍යය හැමදා ජයගන්නවා. මගේ පියා කිව්වේත් ඒකමයි.

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූවන් ඔබේ කඳවුරේ සිටින බවට චෝදනා එල්ල වෙනවා. එවැනි පසුබිමක ජාතික ආරක්ෂාව ගැන ඔබ දෙන තහවුරුව මොකක්ද?

පිළිතුර:- පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය මාත් සමඟ නැහැ. මා සමඟ සිටින පිරිසට ඒ චෝදනාව එල්ල වුණා. ඔවුන් කළේ සිය අමාත්‍යධුරවලින් ඉවත් වෙලා සාධාරණ පරීක්ෂණයකට ඉඩ සලසා දීමයි. ආරක්ෂක අංශවලින් නිසි පරීක්ෂණයක් කළාට පසුව තමයි මේ පිරිස යළි ඇමතිකම් බාර ගත්තේ. හැබැයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ට පඩි ගෙව්වා කියලා පසුගිය ආණ්ඩුවේ නායකයෙක් පිළිඅරගෙන තිබුණා. ඉතින් ත්‍රස්තවාදීන් හිටියේ කොහෙද කියලා දැන් පැහැදිලියිනේ.

ප්‍රශ්නය:- පක්ෂයේ ඇතැම් අය ඔබේ කකුලෙන් අදින බව කියැවුණා. ආසනය, දිස්ත්‍රික්කය, දිනන්න බැරි අයකු රටක් දිනන්නේ කොහොමද කියා ප්‍රතිවාදීන් අසනවා. මේ පසුබිමේ ජයග්‍රහණය ගැන සැකයක් සංකාවක් නැද්ද?

පිළිතුර:- කිසිම කෙනෙක් මගේ කකුලෙන් අදින්නේ නැහැ. කවුරු හරි එහෙම අදින්න ආවොත් ඒවට මුහුණ දෙන්න මම පැකිලෙන්නෙත් නැහැ. මොකද සෑම බාධකයක්ම කම්කටොල්ලක්ම බිඳගෙන මම මගේ අරමුණට ඇවිල්ලා තියෙනවා. ඉදිරියටත් සියලුම බාධක බිඳගෙන මම ඉදිරියට යනවා. ඒ නිසා ජයග්‍රණය පිළිබඳ මට සැකයක් නැහැ.

සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මගේ පාලනයේ දූෂිතයන්ට ඉඩක් නෑ“ - සජිත් ප්‍රේමදාස
“මගේ පාලනයේ දූෂිතයන්ට ඉඩක් නෑ“ - සජිත් ප්‍රේමදාස
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAf0oNYgVGYFZl94D9UbzJxuEsgnOh6fEg0jKq7Ei32ceQYEBputlcztJ_ypjXjVyjCWyEw1_wpIquEkUlPtHOFrLui1ZIXCQ2XF8yk-8kb_0fgCpT1TYrBMSxiAZkdiOoOuQEz4pMbCvC/s320/image_13e40e7320.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAf0oNYgVGYFZl94D9UbzJxuEsgnOh6fEg0jKq7Ei32ceQYEBputlcztJ_ypjXjVyjCWyEw1_wpIquEkUlPtHOFrLui1ZIXCQ2XF8yk-8kb_0fgCpT1TYrBMSxiAZkdiOoOuQEz4pMbCvC/s72-c/image_13e40e7320.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_672.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_672.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy