ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් මෙන්ම එකම සේවාව සිදුකරන පෞද්ගලික බස් සේවාවට අසාධාරණ ලෙස බදු සහ සේවා ගාස්තු ගෙවීමට සිදුවන බැවින් තම කර්මාන්තය...
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් මෙන්ම එකම සේවාව සිදුකරන පෞද්ගලික බස් සේවාවට අසාධාරණ ලෙස බදු සහ සේවා ගාස්තු ගෙවීමට සිදුවන බැවින් තම කර්මාන්තයට සාධාරණයක් ඉටුකරදෙන ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (27) මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියාසිටියේ මේ වනවිට දිවයින පුරා පෞද්ගලික බස් 20,000ක් පමණ ධාවනය කරන බවත් ලංගම විසින් ධාවනය කරන්නේ බස් 5000ක් පමණක් බවත්ය.
එවැනි තත්තවයක් තිබියදී ලංගමට මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 1ක් දෙනවිට පෞද්ගලික බස් සේවාවට කිසිදු මුදලක් නොදී තව තවත් බදු ගැසීම අසාධාරණ බව ඔහු කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ පෞද්ගලික බස් සේවාවෙන් රජයට විශාල මුදලක් දෙමින් තිබියදී මෙලෙස බදු පැනවීමෙන් පෙනීයන්නේ ආණ්ඩුවට බදු මේනියාවක් ඇති බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS