ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන අටවැනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (16) උදෑසන 7.00 ට ආරම්භ වුනා. ඒ අනුව ජනාධිපතිව...
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන අටවැනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (16) උදෑසන 7.00 ට ආරම්භ වුනා. ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන 12845 කදී අද පස්වරු 05.00 දක්වා සිදුකෙරෙනවා.
මෙවර ජනාධිපතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 15992096 දෙනකු සුදුසුකම් ලබා ඇති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්‍ෂකයන් ගණන 35 ක්. එසේම ඡන්ද මධ්‍යස්‌ථානවලට හා ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට විශේෂ පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ද ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
තවද ඡන්ද මධ්‍යස්‌ථාන අවට මීටර් 500 ක් පමණ දුරින් කිසිදු ආකාරයකට අනවශ්‍ය ලෙස ජනතාව ඒකරාශීවීම්වලට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.
අද පස්‌වරු 5.00 ට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පොළ නියෝජිතයන් ඉදිරියේ ඡන්ද පෙට්‌ටි සීල් තබා පොලිතින් මලුවල දමා ඒවා ද සීල් කර පොලිස් ආරක්‍ෂාව මැද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන කරා ගෙන යැමට නියමිත තිබෙනවා. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්‌ථාන 1550 ක් පිහිටුවා ඇති අතර ඉන් 371 ක තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවන අතර මධ්‍යස්‌ථාන 1179 ක සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම සිදුවෙනවා.
පළමු තැපැල් ඡන්ද ගණන් කිරීම පස්‌වරු 5.30 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සියලු ඡන්ද පෙට්‌ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන වෙත ලැබීමෙන් අනතුරුව කොට්‌ඨාස මට්‌ටමින් ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බවත්, අද මධ්‍යම රාත්‍රිය වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
එසේම ගැටලුවක් ඇති නොවුණහොත් හෙට (17) සවස වනවිට ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් කිරීමට උත්සාහ කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS