ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟ ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සහ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට අගමැති රනිල් ව...
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමන බවද එම නිවේදනයේ දැක්වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර හමුවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
එහිදී වැඩි පිරිසක් තීරණය කර ඇත්තේ පවතින ආණ්ඩුව ඉල්ලා අස්වි ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.
ඇමැති නවීන් දිසානායක මහතා සහ ඇමති මනෝ ගනේෂන් මහත්වරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින ආණ්ඩුව ඉල්ලා අස්වීම සඳහා මෙහිදී තමන් අතින් යෝජනා වූ බවයි.
COMMENTS