එක්සත් ජාතික පෙරමුණු රජයේ තවත් ඇමතිවරුන් ගණනාවක් ඇමතිධූර අතහැර තිබේ. ඇමැති මලික් සමරවික්‍රම මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ඇමැත...
ඇමැති මලික් සමරවික්‍රම මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
එමෙන්ම ඇමැති කබීර් හෂීම් මහතා ඇමැති ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.
පාඨලී චම්පික මහතා ද සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
රුවන් විජේවර්ධන මහතාද සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා පරාජය වීම මත මෙම පියවරයන් ඔවුන් විසින් ගෙන තිබේ.
මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු, අජිත් පෙරේරා ඇමතිවරුන් මීට පෙර ඇමති ධුරවලින් ඉවත් විය.
COMMENTS