දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පර්පෙචුවල් නීතිඥවරයාටත්, පර්පෙචුවල් වංචා කරලා.
Homeප්‍රවෘත්ති

පර්පෙචුවල් නීතිඥවරයාටත්, පර්පෙචුවල් වංචා කරලා.

PropellerAds

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මැකීමට තමාට උපදෙස්‌ දුන්නේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා විසින...

අ.පොස. සා/පෙළ විභාගයට පෙර ඡන්දය අවසන් කරන්න
පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි - මහ බැංකු අධිපති.
විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මැකීමට තමාට උපදෙස්‌ දුන්නේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා විසින් යෑයි පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් හෙළි කළේය.

දකුණු අත බයිබලයට තබා පිළිතුරු දෙන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මේ බව කොමිසමට හෙළි කළේය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන් යටතේ තමාට තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් මේ කොමිසම හමුවේ පෙනී සිටීමට හැකියාවක්‌ නැති බවත් මෙතෙක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

කොමිසමට සියලු තොරතුරු ලබාදෙන ලෙස තමා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට කියා සිටි බවත් තමා මේ දුරකථන ඇමතුම් දත්ත මැකීම පිළිබඳ දැනුවත් නැති බවත් කියා සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා ඉදිරි දිනෙක තමා මේ ගැන කොමිසමට ප්‍රකාශයක්‌ කරන බවත් කීවේය.

මෙහිදී නැඟී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අමතමින් තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් ඔබ ඒ බව කොමිසමට දැනුම් දෙන්නැයි කීවේය.

මේ අනුව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් තවදුරටත් කොමිසම හමුවේ පෙනී නොසිටීම පිළිබඳ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය.

එසේම අදාළ සියලු දුරකථන පටිගත කිරීම් අන්තර්ගතව තිබූ මෙට්‍රොපොලිටන් කොමියුනිකේෂන්ස්‌ ආයතනය විසින් සැපයූ මුල් පරිගණකය අකර්මණ්‍ය වූ බවට මුලින් කොමිසමට කියා තිබුණත් එහි දෘඪ තැටිය (හාර්ඩ් ඩිස්‌ක්‌) විනාශ කළ බවත් එම තීරණය ගත්තේ කසුන් පලිසේන, තමා සහ සචිත් දේවතන්ත්‍රී විසින් බවත් සල්ගාදු මහතා කීවේය.

ඒ අනුව අදාළ පරිගණකයේ දෘඪ තැටිය විනාශ කිරීම සචිත් දේවතන්ත්‍රී විසින් සිදුකළ බව ද එම පරිගණක විනාශ කිරීමේ තීරණය අර්ජුන ඇලෝෂියස්‌ මහතා ද දැන සිටින්නට ඇතැයි තමා සිතන බව ද සල්ගාදු මහතා කීවේය.

සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීමට උපදෙස්‌ දුන්නේ කසුන් පලිසේන වුවත් දුරකථන සංවාද වලට සවන් දී මැකිය යුතු ඇමතුම් මොනවා ද යන්න තීරණය කළේ තමන් බව සල්ගාදු මහතා කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පිළිගත්තේය.

තමාට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් වලට සවන් දෙන ලෙස කසුන් පලිසේන මහතාගෙන් මුලින්ම උපදෙස්‌ ලැබුණු බව ද ඒවාට සවන් දී සමාගමට සහ පලිසේන මහතාට හානිකර ඇමතුම් මකා දමන ලෙස ඔහු තමාට උපදෙස්‌ දුන් බව ද සල්ගාදු මහතා කියා සිටියේය.

ඒ අනුව දුරකථන ඇමතුම් සියයකට අධික ප්‍රමාණයක්‌ මකා දැමූ බව ද එම දුරකථන ඇමතුම් මකා දැමීමට සහ ඒ අනුව විකෘති කරන ලද තොරතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට සැපයීම සම්බන්ධයෙන් තමා කොමිසමෙන් සමාව අයෑද සිටින බව ද සල්ගාදු මහතා කීවේය.

අදාළ දුරකථන ඇමතුම් මකා දැමීමට තමා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ තොරතුරු තාක්‌ෂණ ප්‍රධානී සචිත් දේවතන්ත්‍රී මහතාට දැනුම් දුන්නේ කසුන් පලිසේන මහතාගේ උපදෙස්‌ මත මිස තම පුද්ගලික අවශ්‍යතාවකට නොවන බව ද සල්ගාදු මහතා කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය.

සමාගමේ වැරැද්දක්‌ නැත්නම් එසේ දුරකථන ඇමතුම් මකා දැමීමට අවශ්‍යතාවක්‌ නැහැ නේදැයි කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා කළ විමසුමකට පිළතුරු දෙමින් සාක්‌ෂිකරු ඒ බව පිළිගත්තේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම පැත්තෙන් මේ දුරකථන ඇමතුම් ගත් අය අතර ගජන් දේවරාජා නමැත්තාගේ නම ද සඳහන් වූ අතර ඒ අවස්‌ථාවේ කොමිසම තුළ සිටි ගජන් දේවරාජා නමැත්තා වහාම කොමිෂන් සභා කාර්යාලයෙන් ඉවත් කිරීමට ද කොමිසම පියවර ගත්තේය.

කොමිසම යළිත් හෙට (06 දා) උදේ 10.00 ට රැස්‌වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පර්පෙචුවල් නීතිඥවරයාටත්, පර්පෙචුවල් වංචා කරලා.
පර්පෙචුවල් නීතිඥවරයාටත්, පර්පෙචුවල් වංචා කරලා.
http://ift.tt/2eFjQCh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_457.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_457.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy