තමන්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම් ෆවුසි ...
ඉකුත්දා පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ. එච්. එම් ෆවුසි මන්තී‍්‍රවරයා, පක්ෂයෙන් නෙරපීමට ඒකමතික තීන්දුවක් ගනු ලැබුවා.
එම තීරණය සම්බන්ධයෙන් ඒ. එච්. එම් ෆවුසි මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් පළ කළා.
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පාර්ලිමේන්තුවට යන්න ඕනේ නම් මට කියන්න තිබුණා. එයා මිනිස්සු දාලා.. කතා කරලා...ඒ අය බෑ කිව්වා ඉවත් වෙන්න. ඒ නිසා තමයි ෆවුසිව අස් කරමු කියලා හිතාගෙන මේ වැඩේ කරලා තියෙන්නේ. මේක නීති විරෝධී වැඩක්. "
ඒ. එච්. එම් ෆවුසි මන්තී‍්‍රවරයාගේ මන්ති‍්‍ර ධූරය සම්බන්ධයෙන් අප ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායකගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "දැනට අපි කරන්නේ ඒ මන්ත්‍රි ධූරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පමණයි. මධ්‍යම කාරක සභාවේ විනය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුව තමයි කටයුතු සිදු වෙන්නේ. ඒ අනුව එතුමාගේ මන්ත්‍රි ධූරය ඉවත් කරන්න අවශ්‍ය පියවර ගන්න පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දෙන්න අපි කටයුතු කළා. අපි පක්ෂයේ තීරණය ගන්නවා....ෆවුසි මන්ත්‍රිතුමා එතුමගේ තීරණය ගනී." යනුවෙනි.
COMMENTS