ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පිහිටුවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පිහිටුවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම සංවිධානයේ කිසිම කටයුත්තකට සම්බන්ධ නොවන්නැයි පක්‍ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙත ඔහු දැනුම් දෙයි.
පක්‍ෂයේ විනය කඩ කරන සියල්ලන්ට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මහ ලේකම්වරයා අවධාරණය කරයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යැයි කියා ගනු ලබන පිරිසක් විසින් 5 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදීම සඳහා සමුළුවක් සංවිධානය කරනු ලැබූ බව මාධ්‍ය මගින් දැන ගන්නට ලැබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ගණනාවකින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේත්, දේශපාලන මණ්ඩලයේත් අනුමැතිය ඇතිව ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දැක්විය යුතු යැයි ඒකමතිකව තීන්දුවක් ගනු ලැබීය. ඒ අනුව දැනටමත් මෙම ක්‍රියාදාමය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම සංවිධායකවරයෙක් ම දිස්ත්‍රික් සංවිධායකවරුන් ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් අප මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව අනුව ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් වෙන් වෙන්වත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධවත් මැතිවරණ ක්‍රියාවලියට සහාය දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් කරමින් සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 සැප්තැම්බර් 2 වන දින අප පක්ෂයේ නිර්මාතෘ ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරනු ලැබුයේ එක් පැත්තකින් අන්ත ලිබරල් ධනවාදීන්ට එරෙහිවත්, අන්ත මාක්ස්වාදීන්ට එරෙහිවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මැද මාවතේ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සඳහායි. ඒ අනුව අප සෑම විටම අන්ත ලිබරල් ධනවාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහිව වමේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය සමඟ එකමුතුව ආණ්ඩු පිහිටුවීම සඳහා ද විපක්ෂයේ සිට ප්‍රතිගාමී ආණ්ඩුවලට එරෙහිව විපක්ෂ බලවේගවලට නායකත්වය දෙමින් ක්‍රියා කර තිබේ.
2015 අගෝස්තු මස 17 දින පැවති මහ මැතිවරණයෙන් පසු රට අරාජිකවීම වැළැක්වීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පස්අවුරුදු ජනාධිපතිධුර කාලසීමාව තුළ එතුමා ආරම්භ කළ යහපාලන ප්‍රතිපත්තීන් සාක්ෂාත් කර ගැනීම සඳහාත් එතුමාගේ නායකත්වයෙන් ගොඩනගනු ලබන රජය එක්සත් ජාතික පක්ෂ අන්ත දක්ෂිණාංශික ප්‍රවේශයෙන් ගලවා ගැනීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් මගින් එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස රට පාලනය කිරීම සඳහා මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීන්දුවක් ගන්නා ලදී. එතැන් සිට අවුරුදු තුනහමාරක කාල සීමාවක් තුළ ගෙන ගිය ආණ්ඩු පාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එම ආණ්ඩුව ගෙන ගිය රටට එරෙහි ක්‍රියාමාර්ගවලදී අතිගරු ජනාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොබියව ඊට එරෙහිව කැබිනට් මණ්ඩලය තුළදී ද පාර්ලිමේන්තුවේදී ද ඉන් පිටතදී ද ක්‍රියා කරන ලදී. මේ සියලු ක්‍රියාමාර්ගවලින් මව්බිමට එරෙහි කුමන්ත්‍රණ පරාජය කිරීමට නොහැකි අවස්ථාවේ 2018 ඔක්තෝබර් 26 අතිගරු ජනාධිපතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කරන ලදී.
එම ක්‍රියාවලියට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් අප පක්ෂයෙන් ඉවත් කරන ලද සංවිධායකවරු කිහිපදෙනෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරු කිහිපදෙනකු විසින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් එම ක්‍රියාමාර්ගය විවේචනය කරමින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති කිරීම සඳහාත් එම අදූරදර්ශී පාලනය නැවත ස්ථාපිත කිරීම සඳහාත් සංවිධානය වෙමින් සිටියි. මෙම සංවිධානය කිසිදු ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියකින් ක්‍රියාත්මක වන්නක් නොවන අතර, පැහැදිලිවම මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට එරෙහිව කටයුතු කිරීමක් බව ප්‍රකාශ කළ යුතුය. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම සංවිධායකවරුන්ගෙන් පක්ෂය ලෙස ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාකාරකමට කිසිදු ආකාරයේ දායකත්වයක් නොදක්වන ලෙසයි. එසේම එයට සහභාගි වන සංවිධායකවරුන්ට එරෙහිව ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස එජාපය විසින් මුදල් ලබාදීමෙන් ඇති කරනු ලැබූ සංවිධානයේ එක් කණ්ඩායමක් පසුගිය දිනක දී චම්පික රණවක මැතිතුමා සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට වෙනම වේදිකාවකට ගොඩ වූ අතර අනෙක් පිරිස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතුව සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගිවිසුමකට අත්සන් තැබීය.
මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දෙකඩ වී තම තමන්ට හිතූ මනාපයට මුදලට වරප්‍රසාදවලට, වරදානවලට පක්ෂය පාවා දෙන පිරිසක් බවට පත් වී ඇති බවයි. එබැවින් මෙම නායකත්වය ගන්නා අය අතර කිසිදු එකඟතාවක් නොමැති බව පෙනී යන අතර හුදෙක් මේ පිටුපස ඇදී යන සෑම දෙනාම දේශපාලන අනාතයන් බවට පත්වීම වැළැක්විය නොහැක.
1959 සැප්තැම්බර් 25 දින සෝමාරාම නමැති චීවරධාරියා විසින් අප පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීමට උත්සාහ කළ ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ද මුහුණ දෙමින් පක්ෂය ආරක්ෂා කරමින් ගෙන ගිය අරගලයේ දී කිහිපවිටක් පක්ෂය ලෙස දෙකඩ කිරීමට විවිධ පිරිස් උත්සාහ කරන ලදී.
ඒ හැමවිටම පක්ෂය ආරක්ෂා කර ගනිමින් පක්ෂය රැකගත්තේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසිනි. නායකයින් තම පෞද්ගලික අරමුණු තකා පක්ෂය පාවා දෙන හැම විටම පාක්ෂිකයා පක්ෂය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලදී. මෙම අවස්ථාවේදී ද රට ඉල්ලන්නේ එජාප විරෝධී වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරය සමඟ එක්ව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හරින ලෙසයි. එයට එරෙහිව යමින් නැවත රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් මේ රට තුළ ස්ථාපිත කිරීම සඳහා ක්‍රියා කිරීමට කිසිදු ආකාරයකින්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැක. 2015 අගෝස්තු මස සිට 2018 දක්වා එජාපය සමඟ හවුල් ආණ්ඩු පිහිටුවීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වූ ඉරණම නැවත අත්කරදීමට අපට හැකියාවක් නැත. විවිධ අර්බුද මත වුවද පක්ෂයත් පාක්ෂිකයාත් රැකගත හැක්කේ එජාපයත් සමඟ හවුලේ තරග කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර නිර්මාණය කරනු ලබන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කිරීමෙන් නොවේ.
එබැවින් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සෝමාරාමලා අවශ්‍ය වන්නේ නැත. එබැවින් මෙම සමුළුව මේ රටේ ප්‍රගතිශීලී සියලු දේශපාලන බලවේග විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර එම සමුළුවට සහභාගි වන්නන් සහ එයට නායකත්වය දෙන්නන් ජාතියේ වෛරයට පාත්‍රවනු නොඅනුමානය. එබැවින් පක්ෂයත් පාක්ෂිකයාත් රැක ගනිමින් වමේ දේශපාලන බලවේග සමඟ එක්ව ක්‍රියා කරමින් පක්ෂය නගා සිටුවීම සඳහා ජනාධිපතිවරණය අවසන් වූ වහාම අප සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුය. ඒ සඳහා නොපැකිළව පෙරමුණ ගන්නා ලෙස ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.
දයාසිරි ජයසේකර
මහ ලේකම්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය

COMMENTS