ඊයේ (27) දින දිවුරුම් දුන් නව ඇමතිවරුන් 38 දෙනාට අදාළ වන වැටුප් පරිමාණ පිළිබද දත්ත අනුව පසුගිය වසරේ සිට දෙගුණ වූ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති වැ...
ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට එතෙක් හිමිවූ මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීය.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට පෙර හිමි රුපියල් 63,500ක වැටුප මේ වනවිට රුපියල් 135,000 දක්වා වැඩි කර ඇති අතර රාජ්‍ය ඇමතිවරයෙකුට හිමි 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දමා තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000කි. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.
මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරයි. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙන අතර කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700කි.

COMMENTS