ඩුබායිහිදී අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන්, ඩුබායි පොලීසිය හමුවේ අද කරුණු දැක්වීමට නියමිතව බව නීතිඥ උ...
ඩුබායිහිදී අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන්, ඩුබායි පොලීසිය හමුවේ අද කරුණු දැක්වීමට නියමිතව බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඩුබායි නීතිඥයින්ගේ ද සහය ලබාගනිමින් අද පෙරවරුවේ කරුණු දැක්වීමට කටයුතු කරන බවයි.
මේ අතර ඩුබායිහීදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වේ.
මෙම පිරිස ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
මාකඳුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පිරිසක් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 5 වෙනිදා ය.
COMMENTS