එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පලඳින ලද නිලඇඳුමකට සමාන ඇඳුමක කොටසක් හා හිස්වැසුමක් සමග තරුණයෙකු පොලිස් භාරයට ගත් බවට වව්නියාව පොලීස් විෂමත්ද්...
වවුනියාව බස්නැවතුම්පල ආසන්නයේදී සැකකාර තරුණයා සැකපිට පොලිස් භාරයට ගෙන ඇති අතර එම තරුණයා 25 හැවිරිදි යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වෙයි.
අදාල තරුණයා සමග හමු වූ නිලඇඳුම් කොටසේ සහ හිස් වැසුමේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල ලාංඡනය නොතිබූ බවටත් අදාල නිල ඇඳුම සම්පූරණ ඇඳුමක් නොවන අතරම ඇඳුම් කොටසක කැබල්ලක් පමණක් වන හෙයින් හිස් වැසුමේද කිසිදු ලාංඡනයක් නොතිබීම නිසාත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පළඳින නිලඇඳුමකට සමාන ඇඳුමක කොටසක් හා හිස්වැසුමක් ලඟ තබා ගැනීමට හේතුව පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදු කොට එම සංවිධානයට සැකකරු කිසිදු සම්බන්ධයක් නොමැති වන්නේ නම් මුදා හැරීමට සිදුවන බවට වව්නියාව පොලීසිය පවසයි.
තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානය විසින් පළඳින ලද නිලඇඳුමක් ලඟ තබා ගැනීමද වරදක් වන අතර එම සංවිධානයේ නිලඇඳුමකට සමාන වූ ඇඳුම් කොටසක් හා හිස්වැසමක් ලඟ තබාගැනීම සමබන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවට වව්නියාව පොලිස් විෂමත්ද්‍රව්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS