ස ජිත් ප්‍රේමදාස මහතා එජාපය ජනපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඇති හැකියාව පෙන්වා න...
සජිත් ප්‍රේමදාස මහතා එජාපය ජනපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඇති හැකියාව පෙන්වා නොව, ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය මහතාට වඩා තමන්ට යම් ඡන්ද ප්‍රමාණයක් දිනාගත හැකි බවට පළ වන ජනමත විමසුම් පෙන්වමින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු සලකුණ වැඩසටහන හා එක්වෙමින්.
මීට අමතරව ජනපති සටන තුළ එජාපයේම ඇතැම් මැති ඇමතිවරුන් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කිරීමට සිදුකරන වැඩ පිළිවෙළ ඇතුළු දේශපාලන පිටියේ අභ්‍යන්තර කරුණු රැසක් මෙම වැඩසටහනේදී ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් හෙළිදරව් කරන ලදී.
මීට අමතරව ඉතා පහසුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඇමෙරිකාව විසින් ඉවත් කළේ ඇයි ද? ඒ සඳහා ඇමෙරිකාව සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර යම් ගිවිසුමක් පවතීද ? වැනි පසුගිය වකවානුවේ දැඩි කතාබහට ලක්වූ ප්‍රශ්න ගණනාවකට නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම වැඩසටහනේ දී පිළිතුරු ලබා දුන්නේය.
එමෙන්ම මෙම වැඩසටහනේ දී, ඉදිරි ජනපතිවරණය ජය ගත හැක්කේ කාටද යන්න පිළිබඳ පසුගිය මැතිවරණ ප්‍රතිඵල ආශ්‍රයෙන් උදය ගම්මන්පිල මහතා විසින් සිදුකරන ලද විග්‍රහය මේ වන විට වැඩි දෙනෙකුගේ අවධානයට යොමු වී ඇත.

COMMENTS