ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන සහයෝගය සනිටුහන් කරමින්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන සහයෝගය සනිටුහන් කරමින් එහි ප්‍රබලයකු අද (09දා) අනුරපුරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල මහ රැලියේ වේදිකාවට එක්වීමට නියමිතය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලනිපය සහයෝගය පළ කරන ආකාරය පිළිබඳව සඳහන් කරමින් ඔහු එහිදී ජනතාව ඇමතීමට නියමිත බවද ශ්‍රී ලනිප ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.
තව දින දෙක තුනක් ඇතුළත ශ්‍රී ලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුමට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ ගිවිසුමටද දෙපාර්ශ්වය උත්සවාකාරයෙන් කොළඹදී අස්සන් තැබීමට නියමිතව ඇතැයිද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලනිපය අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ජනාධිපතිවරණයේ තම ස්ථාවරය ගැන ප්‍රකාශ කිරීමට නියමිතය.

COMMENTS