දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ ප‍්‍රහාරය මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩක් - ජනාධිපති
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාරය මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩක් - ජනාධිපති

PropellerAds

ම ත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරු...

පක්ෂ දේශපාලනයට කලින් ජනතාව ගැන හිතන්න ඕන – රාජිත (VIDEO)
මීට පස්සේ ගෝල්ෆේස් එකේ අරගල බෑ! ජෝගි බෑ! ආණ්ඩුවෙන් තහනම් රැසක්!
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි කළා! මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකළා! 25 වැනිදාට කතානායකට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ‌ගේන්න ගම්මන්පිල සූදානම් වෙයි!
ත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ද ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබු නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

නමුත් තම අසීමිත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ඉකුත් වසර කිහිපය තුළ රටට ලැබුණු අතර කවුරුන් කෙසේ කීවද පසුගිය අප්‍රේල් 21 දා මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ද රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයක් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ (04) කොළඹ නාලන්දා විද්‍යාලයේ පැති උත්සවයක් අමතමිනි.

බ්‍රිතාන්‍ය මහරැජින විසින් ප්‍රදානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලද ආදි නාලන්දියෙකු වූ ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් සංවිධානය සහ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වෛද්‍ය සරත් සමරගේ මහතාට උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන සරත් සමරගේ මහතා මත්ද්‍රව්‍ය භාවිතයන්ට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ඒකාබද්ධ සම්මේලනයෙහි නිවාරණ සංවිධානයේ සභාපති ධූරය දරමින් විශිෂ්ට සේවාවක නිරත වේ.

වැල්ලවාය, පාදුක්ක රෝහල්හි ජනතා සිත්ගත් වෛද්‍යවරයෙකු වූ ඔහු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙහි සෞඛ්‍ය කළමනාකරණ ඉගැන්වීම් ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් 83-93 දක්වා වූ දස වසර තුළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් දසදහසක් දෙනා රටට දායාද කිරීමට කැපවිය. 2007 සිට 2010 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කළ ඒ මහතා විශ්‍රාම ගිය සැණෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි උපදේශක ලෙස පත්වීම් ලැබීය. ආසියානු වෛද්‍යවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති, ලෝක වෛද්‍ය පරිපාලකයන්ගේ සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරු දරන ඒ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජාත්‍යන්තරයේ පුළුල් මෙහෙවරක් ඉටුකරමින් සිටි.

සෑම වසරකදීම විශිෂ්ට පුද්ගලයන්ගෙන් තෝරාගත් පිරිසක් ලැයිස්තුගත කර නයිට් පදවි පිරිනැමීම බ්‍රිතාන්‍ය මහ රැජණ අතින් සිදු වන අතර මෙවර ලෝ පුරා විසිරි සිටින 20 දෙනෙක් වෙනුවෙන් එම පදවිය ප්‍රදානය කෙරිණි. මෙවර නයිට් පදවියෙන් පිදුම් ලැබූ එකම ආසියානු වැසියා ලෙස වෛද්‍ය සරත් සමරගේ මහතා ශාන්ත ජෝන් පර්ෂදයෙහි නයිට් පදවිය දිනා ගනු ලැබීය. එමෙන්ම ඒ මහතා 2019 සැප්තැම්බර් 19 වැනි දින ලන්ඩන් නුවර ශාන්ත ජෝන් දේවස්ථානයෙහි හෝල්ස්ටර්හි ආදිපාදතුමා වෙතින් ද ගෞරවයට පාත්‍ර විය.

වෛද්‍ය සමන් සමරගේ මහතාගේ රට වෙනුවෙන් කරන සේවය මෙහි දී අගය කළ ජනාධිපතිතුමා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් තම සුබපැතුම් ඒ මහතා වෙත පිළිගැන්වී ය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝදානන්ද නායක ස්වාමින් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුළු ආදි නාලන්දීයන් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු හිටපු විදුහල්පතිවරු, ගුරුභවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ ප‍්‍රහාරය මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩක් - ජනාධිපති
පාස්කු බෝම්බ ප‍්‍රහාරය මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩක් - ජනාධිපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNf2ukueVrJ78DgyJioZgoQyorexVwyESW6yjq71u1sdTzn82z2co28fmntT-1LGZlZB42U6p4kU-RBOvPk63GYHH-wP4AodxY9ovTSzxQCof8QwQHw_1jJZaFoLV8PMdDuy2yyZnVHxwU/s320/mithree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNf2ukueVrJ78DgyJioZgoQyorexVwyESW6yjq71u1sdTzn82z2co28fmntT-1LGZlZB42U6p4kU-RBOvPk63GYHH-wP4AodxY9ovTSzxQCof8QwQHw_1jJZaFoLV8PMdDuy2yyZnVHxwU/s72-c/mithree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy