ල බන 23 දා මැති සබයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හරින ලද ප්...
ලබන 23 දා මැති සබයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හරින ලද ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකුට බරපතළ චෝදනා එල්ල කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
රටේ ඉහළම වගකීම් දරන මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳව සමාන්තර වගකීම් පැවරෙන බැවින් ඔවුන් එහි වරද නිලධාරීන්ට හෝ කනිෂ්ඨ දේශපාලනඥයන් පිට පමණක් පැටවීම ප්‍රශ්නයට පිළිතුර නොවන බව මෙම වාර්තාව අවධාරණය කරන බව එම ආරංචි මාර්ග පවසයි.
වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීම ගැන එහි සවිස්තර තොරතුරු ඇතුළත් වන අතර මෙම වාර්තාව දේශපාලන ක්ෂේත්‍රය කළඹන වාර්තාවක් විය හැකියැයි දේශපාලන අංශ පවසයි.

COMMENTS