දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන මහත්වරුන්ට උත්තර තිබේද?
Homeප්‍රවෘත්ති

යහපාලන මහත්වරුන්ට උත්තර තිබේද?

PropellerAds

මේ ආණ්ඩුව බලයට පැමිණියේ නීතියේ ආධිපත්‍ය රකින බවට පොරොන්දු වෙමිනි. මේ රට ශිෂ්ට සම්පන්න රටක් බවට පත්කරන බව කියමිනි. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය...

මව ඉදිරිපිටදීම බසයක ගැටී කුඩා දරුවෙක් මරුට (VIDEO)
ලොතරැයි පත් මුද්‍රණයේදී කෝටි 10ක වංචාවක් 
තහනම් පළිබෝධනාශක සමඟ අයෙක් අත්අඩංගුවට
මේ ආණ්ඩුව බලයට පැමිණියේ නීතියේ ආධිපත්‍ය රකින බවට පොරොන්දු වෙමිනි. මේ රට ශිෂ්ට සම්පන්න රටක් බවට පත්කරන බව කියමිනි. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුළ උත්පාදනය කරන බව කියමිනි. එසේ කී ආණ්ඩුවේ කෙරුවාව ගැන කදිම හෙළිදරව්වක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් පසුගිය ඉරිදා (29 වැනිදා) සතිඅග පුවත්පත් මගින් කර තිබිණ.

යහපාලන ආණ්ඩුව නීතිය රැකීම කෙසේ වෙතත් නීතිය නවන බවට පැවතියේ සැකයක් පමණකි. චෝදනාව එල්ල වූයේ විපක්ෂයෙනි. එහෙත් ඒ චෝදනා එතරම්ම විශ්වසනීය නොවූයේ විපක්ෂයේ චෝදනා දේශපාලන අරමුණක් මත සිදුකෙරුණු බැවිනි. ඒ නිසා තවදුරටත් ආණ්ඩුවේ යහපාලන මන්තරයට වටිනාකමක් හිමිව තිබිණ.

ආණ්ඩුව නීතිය නවන බවට පළමුවෙන් ප්‍රසිද්ධ වූයේ පොලිස්පතිවරයාට පැමිණි දුරකථන ඇමතුමක් නිසාය. දෙවනුව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ දුරකථන සංවාදයකිනි. එහෙත් මේ අවස්ථා දෙකේදීම නීතිය නවන්නට උපදෙස් දෙන දේශපාලකයන් කවුදැයි හෙළිදරව් වූයේ නැත. චෝදනා එල්ල වූයේ අනුමානයන් මතය. එසේ පොලිස්පතිවරයාගේත්, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේත් දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වන්නේ ඔවුන්ගේ දැනුවත් භාවයෙන් තොරවය. එහෙත් සුහද ගම්ලත් මහතා නීතියට බලපෑම් කළ පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් සිය හෙළිදරව්ව කරන්නේ ඉතා දැනුවත්වය. සුහද ගම්ලත් මහතා කර ඇත්තේ ජාතික වගකීමක් ඉෂ්ට කිරීමකි.

සුහද ගම්ලත් මහතා කියන ආකාරයට මේ බලපෑම් කරන්නට මුල්වී ඇත්තේ යහපාලනයේ පුරෝගාමීන් වන චම්පික රණවක හා රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන්ය. යහපාලනයේ මතවාදී කඳවුරේ නායකයන් වූ සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය වැනි අයද මේ කැත ක්‍රියාදාමය තුළ ලොකු වැඩ කොටසක් කර තිබේ.

චම්පික රණවක අමාත්‍යවරයා පෙනී සිටීමට උත්සාහ කරන්නේ තමන් යහපාලන ගොහොරුවේ පිපුණු අරවින්දයක් සේය. මෙවර එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂයා වීමේ හීනයක්ද ඔහු දකිමින් සිටි බව පසුගිය දිනවල කියැවුණේය. රාජිත සේනාරත්න – සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එජාපය ප්‍රමුඛ සන්ධානයේ ලේකම්වරයාය. ඔහුද පොදු අපේක්ෂක සිහිනය දකිමින් සිටි අයෙකි. සරත් විජේසූරිය හා සමන් රත්නප්‍රිය වැන්නෝ තවමත් යහපාලනයේ කුණු සෝදමින් සිටින්නෝය. මේ යහපාලන මහත්වරුන් දැන් තමන්ට එරෙහිව නැගී ඇති මේ චෝදනාවන්ට පිළිතුරු දිය යුතුය.

එහෙත් ඊට ප්‍රථම ඔවුන් රෙදි ඇඳගෙන ජනතාව ඉදිරියට පැමිණිය යුතුය.

සුහද ගම්ලත් මහතාගේ හෙළිදරව්වට අනුව මේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී සේම සදාචාර විරෝධී ක්‍රියාදාමයේ ප්‍රධාන හවුල්කරුවකු වන්නේ මේ වන විට ‘අපි ඕවට නෑ’ න්‍යායෙන් සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඔහු දැන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාය. එහෙත් මේ රටේ ජනාධිපති වන්නට ඡන්දය ඉල්ලීමට පෙර අනුර කුමාර සහෝදරයාද මේ ගැන ජනතාවට උත්තර දිය යුතුව තිබේ. එසේම ආණ්ඩුවේ ඇමැතිකමක් හෝ නොමැතිව අරලියගහ මන්දිරය තුළ සිදුකෙරුණු මේ නෛතිකමය කුමන්ත්‍රණයට ඔහු සහභාගි වූයේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ඔහුගෙන් ප්‍රශ්න කරනු ඇතැයි අපි සිතමු. අනුර කුමාර වැනි අයකු ජනපති කරන්නට පෙළ ගැසී සිටින සිවිල් යැයි කියන සංවිධානද මේ ප්‍රශ්නය අනුර සහෝදරයාගෙන් අසනු ඇතැයි අපි සිතමු. එහෙත් එය නොඅසනු නිසැකය.

එසේ වන්නේ වෙනත් කාරණයක් නිසා නොව නීතියෙන් පිට පැන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාගා දමා හෝ ​ගෝඨා ඇතුළු පිරිස දඩයම් කළ යුතු යැයි ඔවුන් අදහන බැවිනි. මේ අමන අදහස දරන සිවිල් සමාජ ඇත්තන්ගෙන් රටක යහපාලනයට වන සෙතක් නැත. ඔවුන් කළු කැත ඇමෙරිකානුවා මෙන් කළු ගැහුණ කැත සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝය.

මේ චෝදනාවලින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටද ගැලවී යන්නට බැරිය. සියල්ල සිදුව ඇත්තේ ඔහු නියෝජ්‍ය නායක ධුරය දරන පක්ෂයේ ආණ්ඩුවක් යටතේය. එසේම ඔහු අදටත් ඒ ආණ්ඩුවේ වගකිව යුතු කැබිනට් ඇමැතිවරයකි. ඔහු ජනාධිපතිවරණ සටන කරන්නට යන්නේද රාජිත, චම්පික, මලික් වැනි නීතිය නවන්නට සෘජුව මැදිහත් වූ ඇමැතිවරුන් සමගය. එමතු නොව නීතිය නවන නිලධාරීන්ට අල්ලස් දෙන්නට යෝජනා කරන්නට තරම් එහිදී ඇමැතිවරු නිහීන වෙති. ‘ගෝඨාභය හිරේ දාන්න – අපි ඔයා ගැන බලාගන්නං’ මේ පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ වචනය.

සුහද ගම්ලත් මහතා එකඟ නොවුණත් මේ අන්දමට ඇමැතිවරුන් විසින් බලාගත් නීති ක්ෂේත්‍රයේ නිලධාරීන් සිටිය නොහැකිද?

යහපාලනය මේ නීතිය නැවූ අන්දම හෙළිදරව් කරමින් ඊට එරෙහිවිය යුත්තේ හේතු දෙකක් නිසාය. පළමු වැන්න මේ රටේ හිටපු ජනාධිපති – ආරක්ෂක ලේකම් වැනි අය සම්බන්ධයෙන් තත්ත්වය එසේ වී නම් වරප්‍රසාද නොමැති සාමාන්‍ය ජනතාවට නීතිය කෙසේ වනු ඇත්ද යන උපකල්පනයයි.

වැදගත්ම කාරණය වන්නේ මෙවැනි තත්ත්වයන් පූර්වාදර්ශයක් වීම වළක්වා ගැනීමය. අපේ බොහෝ ආණ්ඩු තමන් විසින් කරන වැරදි සාධාරණීකරණය කර ගන්නේ – එසේම පෙර ආණ්ඩු විසින්ද කර තිබුණේ යැයිද දක්වමිනි.

ඉදිරියේදී පත්වන ඕනෑම ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවේ නීතිය දූෂණය කිරීමේ ක්‍රියාවලිය – ආදර්ශයට නොගනු ඇතැයි – සහතික විය හැක්කේ කාටද? මේ නීති විරෝධී, සම්ප්‍රදායි විරෝධී, සදාචාර විරෝධී මෙන්ම අයුක්ති සහගත ‘නීතිය නැවීම’ හෙළිදරව් කර – ඊට වගකිව යුත්තන් ජනතා අධිකරණය හමුවට පැමිණවිය යුත්තේ ඔවුන්ට දඬුවමක් ලෙස පමණක් නොව අනාගත පාලකයන්ට අනතුරු ඇඟවීමක්ද ලෙසය.

-අරුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන මහත්වරුන්ට උත්තර තිබේද?
යහපාලන මහත්වරුන්ට උත්තර තිබේද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVccWscFLAvlTJUqLhEvqR1fNpaE6qcjm_WEcMM-RqAUrxuorOBqMNfJU89U77Lc15sLZHlILORpuwj96KNFYj3eIWx4TRseeNS8hUxCo8GgQ5z_HMrK2TTdfFR8e3yOcLeSEyfsXN3Ioq/s320/yahapalanaya-real.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVccWscFLAvlTJUqLhEvqR1fNpaE6qcjm_WEcMM-RqAUrxuorOBqMNfJU89U77Lc15sLZHlILORpuwj96KNFYj3eIWx4TRseeNS8hUxCo8GgQ5z_HMrK2TTdfFR8e3yOcLeSEyfsXN3Ioq/s72-c/yahapalanaya-real.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy