ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව...
ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි.
ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව මෙලෙස අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.
ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙස ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.
අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනැගිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ කවුරුන් කුමක් කිව්ව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත්ය.
බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මහබැංකු මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම 2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේ ය.
මේ අතර පොළොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරය අතිනි.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1500 ක වියදමින් මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින් සමන්විතය.
COMMENTS