ඉන්ධන මිල සූත්‍රය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ සිටි තමන් ඇතුළු පිරිස ද එය උපහාසයට සහ අපහාසයට ලක් කළ බව කැබිනට් ප්‍රකාශ...
ඉන්ධන මිල සූත්‍රය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ සිටි තමන් ඇතුළු පිරිස ද එය උපහාසයට සහ අපහාසයට ලක් කළ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ (දෙසැ. 21) කැබිනට් මණ්ඩලයේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
"මංගල සමරවීර ඇමතිතුමා මිල සූත්‍රය පිළිබද ඉතිහාසයේ සඳහන් කරහ ම අපිත් විපක්ෂයේ ඉඳගෙන සමහර වෙලාවට ඒක උපාහාසයට අපහාසයට ලක් වෙලා තියෙනවා."
මේ වන විට මිල සූත්‍රයක් තිබුණා නම්, ඉන්ධන මිල ඉහළ පහළ යන විට එහි වාසිය දෙපැත්තට බෙදී යනු ඇති බව ද අමාත්‍යවරයා මහතා මෙහිදී පැවසීය.
"වඩාත් වැදගත් වෙන්නේ ඉතිහාසයේ තිබ්බ ද නැද්ද කියන එක නෙවෙයි. වඩාත් ප්‍රායෝගික කුමක් ද? එක. දෙක මේ රටේ පළල් ම තීරුවේ ඉන්න ජනතාවට මේක බලපාන්නේ කෙහොම ද? වැඩිපුර ම පළල් තීරුවේ ඉන්නේ ආර්ථීක වශයෙන් යම් පීඩාකාරී සාධක සමග ජීවත් වෙන ජනතාව. ඒ ජනතාවට මේක බලපාන්නේ කෙහොම ද කියන කාරණෙ ත් එක්ක මම විශ්වාස කරන්නේ එම නිශ්චිත සූත්‍රයක වැදගත්ක ම නැවත මේ මොහොතේ අවධාරණය වෙනවා."
COMMENTS