නිධානයකින් හාරා ගත් කාසි කිලෝ දෙකක් දෙන බව කියා ජාවාරම්කාර වෙළෙඳ කණ්ඩායමක් හිටපු ක්‍රිකට් තරුවකට රුපියල් ලක්ෂ හතළිහක් වංචා කිරීමේ සිද්ධියක්...
කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා හා පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් විසින් කරන ලද විමර්ශනයේදී නිධානයක රන් කාසි බව කියමින් මරංචි විකුණන්නට ආ ජාවාරමුන් දෙදෙනකු අල්ලා ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු හෙළිවී ඇත.
අනුරාධපුරයේ නිධානයකින් හමු වූ රන් කාසි බව කියා මෙම කාසි කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහක් බැගින් විකිණීමට ක්‍රිකට් තරුව සමග කතා කරගෙන ඇති අතර පසුව රන් කාසි කිලෝ දෙකක් රුපියල් ලක්ෂ හතළිහකට දීමට එකඟ කරවා ගෙන කොළඹදී ගනුදෙනුව කර ඇත. ජාවාරම්කරුවන් ඇස්බැන්දුමක් කරමින් රන් ආලේපිත තඹ කාසි අතරේ රන් කාසි තබා මෙම ගනුදෙනුව කර ඇත.
මෙම ජාවාරම්කරුවන්ට තමන් හසු වූ බව දැනගත්තද ලජ්ජාව නිසා එම තරුව මේ පිළිබඳ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිලි කර නැතැයි වාර්තා වේ.
මෙම මරංචි ජාවාරම්කරුවන් සංවිධානාත්මකව කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් රේගු නිෂ්කාෂණ කරන නිලධාරියකුගෙන්ද මේ අයුරින්ම රුපියල් ලක්ෂ හතළිහක් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.
– aruna
COMMENTS