ඉ කුත් අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශ...
ඉකුත් අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියයි.
අදාළ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 60කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.
මේ සිදුවීම සඳහා පසුබිම් වූ හේතු සහ නැවත මෙවැනි සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය නිර්දේශ අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන බව කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා අවධාරණය කළේය.
අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ඒ පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මැයි 22 වැනිදා මේ කමිටුව පත් කෙළේය.
පළමුවරට කමිටුව රැස් වූයේ මැයි මස 29 වැනිදාය.
කමිටුව සිය අවසන් වාර්තාව සකස් කිරීම සඳහා ලබන 17 වැනිදා අවසන් වරට රැස්වීමට නියමිතය.
අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ද ආනන්ද කුමාරසිරි මහතා පැවැසීය.

COMMENTS