සේ රුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදු කරන ලද වැඩි දුර ප්‍රශන් කිරීමේදී යාපනය කොණ්ඩාවිල් වරණි ප්‍රදේශයේ...
සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදු කරන ලද වැඩි දුර ප්‍රශන් කිරීමේදී යාපනය කොණ්ඩාවිල් වරණි ප්‍රදේශයේදී වලදමා තිබූ කිලෝ 15 ක් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් ඊයේ (14) දින සොයාගෙන ඇති බවට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.
සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව හිටපු කොටි සාමාජිකයයෙකු වූ ජෝෂප් පීටර් රොබින්සන් නැමත්තා පසුගිය 11 වනදා කිලිවෙඩ්ඩි පාලම අසලදී ටී.56 ගිනි අවියක් සමගි අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පිහිටි කොටි සාමාජිකයාගේ නිවසේ තිබී අවි ආයුධ රැසක් සොයාගත් අතර එහිදී තවත් කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත් වුණි.
අනතුරුව අත්අඩංගුවට පත් හිටපු කොටි සාමාජිකයාගෙන් හා කාන්තාවන් දෙදෙනාගෙන්නිලධාරීන් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සිදු කරන ලද වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී යාපනයේ කොණ්ඩාවිල වරණි ප්‍රදේශයේ වලදමා තිබූ අදාල ක්ලේමෝ බෝම්බ දෙක සොයාගෙන ඇත.
අදාල ක්ලේමෝ බෝම්බ මෙන්ම කිලිනොච්චියේ නිවසක තිබී හමුවූ අවි ආයුධ කුමක් සඳහා සඟවා තබාගත්තේද යන්න පිළිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් වැඩි දුර පරික්ෂණයක අරඹා ඇති අතර තවත් ආයුධ සඟවා ඇත්තේදයන්න පිළිබඳවද සැකකරුවන්ගේ වැඩි දුර ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS