දෙදහස් දාහත වසරේදී ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනවා යැයි එවකට අගමැති ලෙස කටයුතු කළ, වත්මන්...
එම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් සර්ව ජන යුක්ති සංවිධනය නමින් දීපව්‍යාප්ත පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී.
මෙම පෙත්සම් ව්‍යපාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සිවිල් හා බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (25) මාධ්‍ය හමුවක්ද පැවැත්වුණි.
මෙම පනත අහෝසි කරන්නැයි බලකරමින් තම සන්ධානය මේ වසරේ මුලදී ආරම්භ කළ පෙත්සම් ව්‍යාපාරය මේ ආකාරයෙන් නැවත ආරම්භ කරන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
තාවකාලික විධිවිධාන පනතක් ලෙස 1982 වසරේදී ගෙන එන ලද මෙම කුරිරු පනත යටතේ පසුගියදා රැඳවුම් නියෝග නිකුත් කරනු ලැබුවේ විරෝධතාකරුවන් තිදෙනෙකු රඳවා තබා ගැනීමට සහ අරගලයේ කොටස්කරුවන්ට සහ රජය විවේචනය කරන්නන්ට එරෙහිව තර්ජනාත්මක පණිවිඩයක් යවමින් බවද මන්ත්‍රීවරයා කීවේය.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් හා සම්මතයන්ට අනුකූල නව පනතක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති හෙයින් පවතින කුරිරු ත්‍රස්ත පනත අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නැයි මෙම පෙත්සම් ව්‍යාපාරයෙන් නැවත නැවතත් බලකරන බවද හෙතෙම කිවේය.

COMMENTS