මේ සැප් 10 දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිදුවූ හමුවීමක සුවිසේශී චායාරූපයකි. මෙහි අත් දිග කමීසයක් හැඳ අනුර කුමාර දිසාන...
මේ සැප් 10 දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිදුවූ හමුවීමක සුවිසේශී චායාරූපයකි.
මෙහි අත් දිග කමීසයක් හැඳ අනුර කුමාර දිසානායක සමග සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ මහතාය. ඔහු ජවිපෙන් ඉවත්ව දශක කිහිපයක් පුරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.
මෙහි සුවිසේශීත්වය වන්නේ ලයනල් බෝපගේ මහතා ජවිපෙන් ඉවත්වූයේ එවක එහි නායක රෝහණ විජේවීර සහෝදරයා සමග ඇත්වූ මතවාදී ගැටුමක් හේතුවෙනි. එනම් උතුරේ දෙමළ ත්‍රස්තවාදී ගැටලුවට විසඳුම කුමක්ද යන ප්‍රශ්නයේදී ලයනල් බෝපගේ මහතා සිටියේ උතුරට ස්වයං තීරණ අයිතිය ලබා දිය යුතුය යන්නත් කොටි තර්ස්තවාදීන්ගේ අරගලය සාධාරණය යන ස්ථාවරයේය.
රෝහණ විජේවීර සහෝදරයා “දෙමළ ඊලම් අරගලයට විසඳුම කුමක්ද” යන මැයෙන් පිටු සිය ගණනක නිබන්ධනයක් ඉදිරිපත් කරමින් ජවිපෙ තුල බෙදුම්වාදයට ඉඩ නොමැති බවට ස්ථාවරයකට පැමිණියේ මේ සංවාදය හරහාය.
මේ මතවාදී ගැටලුව නිසා ජවිපෙන් ඉවත්වූ ලයනල් බෝපගේ ඉන් පසු මේ දක්වාම පෙනී සිටියේ ඒ ස්ථාවරයේය. විසේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහි සටනට එරෙහිව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට කළ හැකි සියලු දේ කළේය. ලිපි ලිව්වේය. සම්මන්ත්‍රණ සංවිධානය කළේය. පෙළපාලි ගියේය. අදද ඔහු ඒ මතය වෙනුවෙන් පෙනී සිටී.
එසේ නම් අනුර දිසානායක ලයනල් බෝපගේ සමග මේ එකතුව ගොඩ නැගෙන්නේ ඒ පදනමේ සිටද?
මේ යන්නේ එදා විජේවීර සහෝදරයා දැනුවත්ව ප්‍රතික්ෂේප කළ බෙදුම්වාදයත් ඒ පිටුපස පැමිණෙන අධිරාජ්‍යවාදී උවමනාවත් වෙනුවෙන් නොවේද? ජනපති සිහිනය වෙනුවෙන් විජේවීර සහෝදරයා උකස් කළේද?
– යටියන ප්‍රදීප් කුමාර

COMMENTS