ආ ණ්ඩුව FCID යට ගෙනියපු අපේ අයට ගෝඨාභයගේ නම කියන්න කියල කියනවලු. ඇයි සර්ල මෙච්චර දුක් විදින්නේ ගෝඨාභයයි කිව්වේ කියල කිව්වා නම් ගෙදර යන්න ප...
ආණ්ඩුව FCID යට ගෙනියපු අපේ අයට ගෝඨාභයගේ නම කියන්න කියල කියනවලු. ඇයි සර්ල මෙච්චර දුක් විදින්නේ ගෝඨාභයයි කිව්වේ කියල කිව්වා නම් ගෙදර යන්න පුළුවන්නේ කියල කියනවලු. ආණ්ඩුවේ FCID ය කටයුතු කළේ එහෙම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, බත්තරමුල්ලේදී ප්‍රකාශ කළේය.
අපේ ආණ්ඩුව පරදින විට වැඩ බිමක්ව තිබුණ රට යහපාලන ආණ්ඩුව දඩ බිමක් කළ බවත් අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙලගැසී සාධාරණය, යුක්තිය ඉටුකරවා ගැනීම සදහා හඩ නැගිය යුතු බවත් අවධාරණය කල මහින්ද රාජපක්ෂ මහතා, පලිගැනීම් කරන්න කාලය වැය කලොත් වැඩකරන්න වෙලාවක් නැති වෙන බවද පෙන්වා දුන්නේය.
යහපාලන රජය යටතේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් එකතු වී ගොඩනගාගෙන තිබෙන යුක්තියට හඩක් සංවිධානයේ පළමු නියෝජිත සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම නියෝජිත සම්මේලනය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදි දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් විසින් දකුණු අතේ කලුපටි බැද රජයට විරෝධය දක්වමින් යුක්තියේ හඩ ප්‍රතිඥාව ලබාදුන් අතර යුක්තිය ඉටුකරවා ගැනීම සදහා ඉදිරි රජයට ඉදිරිපත් කිරීම සදහා පෙත්සමකටද අත්සන් තැබීය. මෙම පෙත්සමට මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන් අත්සන් තැබූ අතර සෙසු අය ඊට පසුව අත්සන් තැබීය. එයින් පසුව යුක්තියේ හඩ ගීතය ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලදී.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් දිනල, 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ආණ්ඩුව පිහිටෙව්වා. ඒත් එක්කම දේශපාලන පලිගැනීම් ද ආරම්භ කළා. මුලින්ම මගේ පවුලේ නෑදෑයන්ගෙන් පලිගත්තා. ඊලගට යාළු මිත්‍රයන්ගෙන් පලිගත්තා. ඊට පස්සේ ඡන්දයට උදව්කරපු ව්‍යාපාරිකයින්ගෙන් පලිගත්තා. සමහර ව්‍යාපාරිකයෝ පසුගිය අවුරුදු 05 ටම ආයේ අපිට උදව් කරන්න ආවේ නැහැ. හමුවුණ වෙලාවට ඇහුවම ඔවුන් කියන්නේ සර්ට උදව් කරාම FCID යන්න වෙනවා කියල. ඒ තත්ත්වයටම මේ ආණ්ඩුව වැටුණා.
අපේ ආණ්ඩුව රටේ පරදින විට හැම තැනම මොනවා හරි වැඩක් කරමිනුයි තිබුණේ. වැඩ බිමක්ව තිබුණ රට යහපාලන ආණ්ඩුව දඩ බිමක් කළා. FCID යට ආණ්ඩුව කියල තිබුණේ අවශ්‍ය අය එක දිනකට හරි රිමාන්ඩ් කරන්න කියලයි. මොවුන් දාපු නඩුවලින් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කළා. ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් කළා. බොහෝ නඩුවලදී උසාවිය ඇහුවේ චෝදනාවක් නැතුව නඩුපවරන්නේ ඇයි කියල. දේශපාලන වශයෙන් පලිගැනීමට රිමාන්ඩ් භාරයට පත්කරන්නේ ඇයි කියල අධිකරණය විමසලා තිබුණා.
ලලිත් වීරතුංග මහත්තයට අනුෂ පැල්පිට මහත්තයට නඩු දැම්මේ රිමාන්ඩ් කළේ සිල්රෙදි බෙදුවා කියල. එහෙම නැතුව මේ අය සිල්රෙදි ගත්තේ නැහැ. පන්සල්වල හාමුදුරුවරුයි සිල්රෙදි බෙදුවේ. ඒ වෙලාවේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ පොලොන්නරුවෙත් සිල්රෙදි දුන්නා. අනාගතයේ රාජ්‍ය සේවයේ ඉන්න අයට රිදෙන්නයි, ලලිත් වීරතුංග මහත්තයට දඩුවම් කළේ. මීට පෙර කතා කරපු ජේෂ්ඨ මාධ්‍යෙව්දී සි ඒ ප්‍රේමචන්ද්‍ර මහත්තයා කිව්වා, FCID එක හදපු විදිය. ඒකට නිලධාරීන් ගත්ත විදිය. FCID යට ගෙනියපු අයට ඔවුන් කියන්නේ ගෝඨාභයගේ නම කියන්න කියල. ඇයි සර්ල මෙච්චර දුක විදින්නේ ගෝඨාභයයි කිව්වේ කියල කිව්වා නම් ගෙදර යන්න පුළුවන්නේ කියල කියනවලු. මේ විදියට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයා අවුරුද්දක් හිරේ හිටියා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ, රණවිරුවෝ කොච්චර කල් රිමාන්ඩ් එකේ හිටියද?
යුක්තියට හඩක් සංවිධානය හොදින් සංවිධානය කර ගන්න. අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙල ගැසෙන්න, මෙවැනි සංවිධාන අවශ්‍යයි. අපේ ආණ්ඩුවක් පිහිටවපු දවසට තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සදහා හඩ නගන්න. මම, සංවිධානය වෙන්න කියන්නේ කාගෙන්වත් පලිගන්න නොවෙයි. පලිගැනීම් කරන්න කාලය වැය කලොත් වැඩකරන්න වෙලාවක් නැති වෙනවා.
අපේ ආණ්ඩුව හම්බන්තොට වරාය හැදුවා. මත්තල ගුවන්තොටුපල හැදුවා. මෑත කාලයේ ලෝකය, ශ්‍රී ලංකාව පිළිබදව කතාකළේ මේ වරායයි, ගුවන්තොටුපලයි නිසයි. වරාය චීනයට වික්කා. ගුවන්තොටුපල, ත්‍රිකුණාමලය, ඉන්දියාවට දෙන්න පිඹුරුපත් සකසනවා. කොළඹ වරායේ නැරගනහිර ජැටිය සිංගප්පූරුවටයි තවත් රටකටයි වික්කා. මේ ආණ්ඩුව කරන්නේ රටේ දේපල විකිණීමයි. මේ විකිණීම නතර කල යුතුයි. සම්පත් විකිණීම, අපේ ආණ්ඩුවක් යටතේ කරන්නේ නැහැ. විකුණල තිබුණ ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනය අපි ආපසු ගත්තා. මේ වන විට රටේ පරිපාලනය සම්පූර්ණයෙන්ම පිරිහිලා.
මගේ වත්කම ඩොලර් බිලියන 18 ක් කියලයි, කිව්වේ. එහෙම සල්ලි මට තිබෙනවානම් ලෝකයේ ඉන්න ලොකුම පොහොසතා මමයි. මම ආණ්ඩුවට කිව්වා, බිලියන 18 හොයල දෙන්න, ඒ සල්ලි සියල්ලම ආණ්ඩුවට දෙන්නම් කියල. මොවුන් බොරු කිය කියා හිටියා මිසක් රටට වැඩක් කළේ නැහැ. දැන් තමයි, බෝක්කුවක් හරි හදන්න මතක් වුණේ. මොකක්ද පෙරලියක් කියල, ඔය කරන්නේ. මම විනිසුරුවරුන්ට කතාකරල බලපෑම් කරාලු. මම කවදාවත් විනිසුරු රස්සාව කරන විනිසුරන්ට කතාකරල නැහැ. සමහර විනිසුරන් විශ්‍රාම අරන් අල්ලස් කොමිෂම වගේ විවිධ ආයතන වල ඉන්නවා. ඒ අයට නම් කතා කරල තිබෙනවා. එයිට එහා කතා කිරීමක් මම කරල නැහැ.
අද එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩිල. සමහරු කියනවා දෙකට කැඩිල කියල. තවත් අය කියනවා තුනට කැඩිල කියල. පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණාට දැන් ඔවුන්ගේ පාක්ෂිකයා නායකයට සලකන්නේ නැහැ. පක්ෂය කැඩිච්ච කුමන කොටසකින් ජනාධිපතිවරණයට කව්රු දැම්මත් අපේ අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ ජයග්‍රහණය කරනවා.
– ජයකාන්ත ලියනගේ

COMMENTS