ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් සභාවේ සභාපති ධූරයෙන් මෙතෙක් දරණ ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එම දායක සභාව ...
අද දින පස්වරුවේ රැස්වූ එම දායක සභාවේ බහුතර පිරිසක් විසින් එම යෝජනාව සම්මත කර ඇත.
එම යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සභාපතිවරයා ලෙස සිටිය යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ සාමාජිකයන් 06 දෙනකු පමණි.
ඒ අනුව දායක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් විධායක සභාව සමස්ත දැනුම් දී අවසන් තීන්දුව දැනුම්දෙන කැලණිය රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කළහ.
COMMENTS