දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගීන් අසරණ කරමින් දුම්රිය සංගම් අදත් වර්ජනයේ
Homeප්‍රවෘත්ති

මගීන් අසරණ කරමින් දුම්රිය සංගම් අදත් වර්ජනයේ

PropellerAds

දුම්රිය වෘත්තීය සමිති අද (30) දිනයේද ද වැඩ වර්ජනයේ නිරත වනවා. ඒ, වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින්. ඔවුන් මෙලෙස අඛණ්ඩව වැඩවර්ජනයේ නිරතවන්...

ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රන්ජන් කියයි
කුරුණෑගල DIG ගේ ස්ථාන මාරුව අන්තිමේදී ස්ථිරයි
අගමැති රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ.. දැනටම ලිිපියට අත්සන් 55යි !
දුම්රිය වෘත්තීය සමිති අද (30) දිනයේද ද වැඩ වර්ජනයේ නිරත වනවා. ඒ, වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින්. ඔවුන් මෙලෙස අඛණ්ඩව වැඩවර්ජනයේ නිරතවන්නේ පස්වන දිනටයි.

කෙසේවෙතත්, අද උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණ ධාවනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් දෛනිකව පෙරවරුවේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය සංඛ්‍යාව 30 ක්.

මෙම වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති අපේක්ෂාවෙන් බලා සිටින කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එහිදී ලැබෙන තීරණය මත සිය වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසනවා.

අද පස්වරුවේ තීරණයක් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් ඉකුත් දින කිහිපයේම මගින් දැඩි අපහසුතාවට පත්වුණා. වර්ජනය හේතුවෙන් සති අන්තයේ ධාවනය වීමට තිබූ සියලූ දුම්රිය අවලංගු කිරීමටයි සිදුවුණේ. මේ අතරතුර දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශ‍්‍රාමික සේවකයින් යළි සේවයට කැඳවීමටයි.

ඉකුත් සතියේ වෘත්තීය සංගම් රැසක් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවල නිරත වුණේ වැටුප් විෂමතා ඇතුළු ගැටලූ කිහිපයක් මුල් කරගනිමින්. මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක කටයුතු බිඳ වැටුණා.

මෙම වෘත්තීය සමිති ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවේ සාමාජික, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "මෙම වෘත්තීය අරගලය පිටුපස ඇත්තේ දේශපාලන හස්තයක් බවට පැහැදිළිව පෙනෙන්නට තියෙනවා. මැතිවරණයක් වෙලාවක මේ වගේ අරගල කරන එක සුදුසු නෑ. මේ රජය ඔය කියන විධායක ශ්‍රේණියට 130%කින් 140%කින් පඩි වැඩි කරලා තියෙනවා. ජනතාවට මේ කාරණය පැහැදිළි කරන්න අවශ්‍යයි. අපි කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ අලුත් රජයක් යටතේ අපි මේ ගැන කතා කරමු." යනුවෙනි.

මේ අතර දුම්රිය හා තැපැල් ඇතුළු සේවාවල වැටුප් විෂමතා ද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් අද දිනයේ නොලැබුණ හොත් සිය වර්ජන ක‍්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බවයි. රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ද තවදුරටත් සිදු වනවා.

-තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගීන් අසරණ කරමින් දුම්රිය සංගම් අදත් වර්ජනයේ
මගීන් අසරණ කරමින් දුම්රිය සංගම් අදත් වර්ජනයේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqy46RZoyYf90f7kCtvNmkxCTCYqmOmXHtJvQh6eAVbizhIjJYZLksIbsu689iA-BRxO7ZvPmlpE9gb0J7hQSlIfmAArq5osnKsXbEhs_I0Kk0JGxYqbOc3EYggZ_X6BwV3X-PyxaMmBIM/s320/train-strikes.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqy46RZoyYf90f7kCtvNmkxCTCYqmOmXHtJvQh6eAVbizhIjJYZLksIbsu689iA-BRxO7ZvPmlpE9gb0J7hQSlIfmAArq5osnKsXbEhs_I0Kk0JGxYqbOc3EYggZ_X6BwV3X-PyxaMmBIM/s72-c/train-strikes.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_970.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_970.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy