කු රුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත්, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා...
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත්, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය යටතේයි. සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි චෝදනාවට ලක්වීමෙන් පසු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ද කතාබහට ලක්වූ චරිතයක් වුණා. ඇතැම් පිරිස් කියා සිටියේ ඔහුට වහාම ස්ථාන මාරුවක් ලබා දිය යුතු බවයි.
ඒ අනුව ඉකුත් සතියේදී ඔහු ත්‍රීකුණාමලයට මාරු කෙරුණු අතර එහෙත් පසු දින එම ස්ථාන මාරුව තාවකාලිකව අවලංගු කෙරුණා. ඔහු පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය දී ඇත්තේ කරුණු එසේ තිබියදීයි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මීට පෙර කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මෙන්ම පුත්තලම දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටියා. ඒ අනුව ස්ථාන මාරුවේදී සිදු කර ඇත්තේ ඔහු වැඩබලමින් සිටි පුත්තලම දිසාව සඳහා ඔහුගේ සේවය ස්ථිර කිරීමයි.
මේ අතර තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට, පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි බී ආර් එස් ආර් නාගහමුල්ල, ත්‍රීකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති ටී කේ ඩී ප්‍රියන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත් කර තිබෙනවා.
බදුල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස්, පොලිස් ඔම්බූට්ස්මන් ලෙස ස්ථාන මාරු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. මේ දක්වා පොලිස් ඔම්බූට්ස්මන් ලෙස සේවය කළ ප්‍රියන්ත ජයකොඩි, සංවිධානාත්මක අපරාධ කොට්ඨශයට ස්ථාන මාරු කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කොට්ඨශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ කමල් සිල්වා ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ස්ථාන මාරුවෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයට, නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන පත් කර තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ හා විනය හා කල්ක්‍රියා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විනය හා කල්ක්‍රියා අංශය ඉවත් කර තිබෙනවා.

COMMENTS