වසර පහක කාලයක් රට අගාධයට ඇද දැමූ බංකොලොත් දේශපාලන පක්ෂයක් සමග එක්වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම...
ජනතාවට පොරොන්දු රාශියක් ලබා දී බලයට පැමිණි ආණ්ඩුව දිවයිනේ වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට අලෙවි කර දැමූ බවත් එවැනි පක්ෂයක් සමග තමන්ට ඉදිරි දේශපාලන ගමනක් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.
විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර නොගැලපීම නිසා පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බව එදා සිටම තමන් පෙන්වා දුන් බවත් මේ හේතුවෙන් රටේ පරිපාලනය මහත් ගැටලු රාශියකට මුහුණ දෙන බව පැහැදිලිව දැකිය හැකි යැයි හෙතෙම කියාසිටියේය.
"එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතු වන බව ඔවුන් තැන තැන ප්‍රකාශ කරමින් හෙළි කරන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොළොත් භාවයයි. එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයට නායකත්වයක් නොමැති බව පාක්ෂිකයන් පවසනවා. මේ රට අවාසනාවන්ත තත්ත්වයකට ඇද දමා රට විනාශ කළ කණ්ඩායමක් සමඟ එක්වීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.
ශ්‍රී ලංකාවේ දැවැන්ත මහා සම්පතක් වන හම්බන්තොට වරාය අලෙවි කරන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුලු විශාල පිරිසක් ඊට එරෙහිව හඩ නැගුවා. ඇතමුන් සිරගත කළා. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා නිහඬව සිටියා. හම්බන්තොට චීන කොලනියක් වුණාට මට කමක් නැහැ, මට අවශ්‍ය බලය පමණයි කියන මතයක තමයි එදා සජිත් ප්‍රේමදාස මහතා හිටියේ."
කෙසේවෙතත් රට දියුණු කිරීම සඳහා හැකියාවක් ඡන්ද බැංකුවක් සමඟ අද අප එක් වී සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS