දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ජනපති අපේක්ෂක “කරූ” - සුබ ආරංචිය මාලදිවයිනෙන් !
Homeප්‍රවෘත්ති

එජාප ජනපති අපේක්ෂක “කරූ” - සුබ ආරංචිය මාලදිවයිනෙන් !

PropellerAds

"ජනපති අපේක්ෂක වෙන්න යන එකට ඔබතුමාට සුබ පතනවා. අපිට මේ ආරංචිය ලැබුණේ මාලදිවයිනෙන්” යනුවෙන් කියමින් ඊයේ (03) පක්ෂ නායක රැස්වීම ආරම්භ කි...

මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක්.. යෝජනාව අගමැතිගෙන්!
ගැබ්ගැනීම් පමා කරන කතාවෙන් අම්මලා බය වෙලා! ගබ්සා කරගැනීමේ ඉල්ලීම් වැඩිවෙලා!
මහින්දට පක්ෂවත් ඉතාලියේ උද්ඝෝෂණයක්! ආපු තුන්දෙනා කියපු කතාව - (video)
"ජනපති අපේක්ෂක වෙන්න යන එකට ඔබතුමාට සුබ පතනවා. අපිට මේ ආරංචිය ලැබුණේ මාලදිවයිනෙන්” යනුවෙන් කියමින් ඊයේ (03) පක්ෂ නායක රැස්වීම ආරම්භ කිරීමට පෙර කතානායක කරූ ජයසූරිය මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සුබ පතා තිබේ.

ඊට මද සිනහවකින් පමණක් ප්‍රතිචාර දැක්වූ කරූ ජයසූරිය මහතා කිසිවක් ප්‍රකාශ නොකළ බව පැවසේ.

ඉන් පසුව එම රැස්වීමේදී වැඩි වශයෙන් කතා බහට ලක්ව ඇත්තේ මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බවද වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (03) ලිපියක් යොමුකර තිබිණි.

ඒ අතර, මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

ඡන්ද විමසීමට නියමිත මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි ඇති 13 වැනි වගන්තිය සංශෝධනය නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණයවීම යනු සම්පූර්ණ අසත්‍යයක් බව එම නිවේදනයේ දක්වා තිබේ.

මහජන බැංකු පනත සශෝධනයෙන් පසු නිකුත් කෙරෙන ණය කර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි යැයි රජය තහවුරු කරන බව ද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් විය.

මෙම මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වුයේ 2013 වසරේදී බවත් පනත් කෙටුම්පතින් බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරන බවට ඇතැම් දේශපාලන නායකයින් කරන ප්‍රකාශ මහජනයා නොමග යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරන ප්‍රයත්න මිස සත්‍යය නොවන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

සජිත් ඒකාබද්ධ මන්ත්‍රීලා සමඟ කතාවක

මේ අතර, ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු දෙවැනි මහලේ පිහිටි මන්ත්‍රී ආලින්දයේදී ඒකාබද්ධයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු මුණගැසී කතා කර තිබේ.

ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන දෙදෙනා සමඟය.

නිදහස් පක්ෂය ජනපතිලා පත්කරන්න උනන්දුවක් නෑ - ජනපති

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ ජනාධිපතිවරයා පත්කරගැනීමට වඩා මීළඟ අගමැතිවරයා පත්කර ගැනීම සම්බන්ධයෙන් උනන්දු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

"තීන්දුව හරි අතට" මැයෙන් ඊයේ කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව 2020 වසරේ රට භාරගන්නා මීළඟ ජනාධිපතිවරයාට වඩා අගමැතිවරයා ශක්තිවන්තයකු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වාදුන්නේය.

"රුපියල් කෝටි 450 කට වඩා වැයකරනවා ජනාධිපතිවරණයට. හැබැයි කවුරු පත්කළත් ඒ ජනාධිපතිවරයා 19 වන සංශෝධනයට අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලයෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යංශයවත් නැහැ. ඒ සියලු බලතල තියෙන්නේ අගමැතිවරයාට" යනුවෙන් පැවසීය.

"2020 රට බාරගන්නේ ජනාධිපතිවරයා නෙවෙයි අගමැතිවරයා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරු පත්කරන්න තියෙන උනන්දුවට වැඩිය මීළඟ අගමැතිවරයා පත්කරගන්න උනන්දු වෙන්න ඕන" ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම "2020 දී ආණ්ඩුව හදන්නේ අපි" යනුවෙන් පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ජනපති අපේක්ෂක “කරූ” - සුබ ආරංචිය මාලදිවයිනෙන් !
එජාප ජනපති අපේක්ෂක “කරූ” - සුබ ආරංචිය මාලදිවයිනෙන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyFwAdvBFlyRj6CWmC3KOgroUEWgojkvZ4uotirTgnYKSDupjfQp4A9g-IByGYBqVQREiDJ8BRFftipvBcMKhuBlzyPMX9NeTmyXFX6UXeRFDzSIP_mr939b8IG9otYx9Fpun3bJFIjrly/s320/4dc8dba92ef9d6a1ba2c25baa8e3080a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyFwAdvBFlyRj6CWmC3KOgroUEWgojkvZ4uotirTgnYKSDupjfQp4A9g-IByGYBqVQREiDJ8BRFftipvBcMKhuBlzyPMX9NeTmyXFX6UXeRFDzSIP_mr939b8IG9otYx9Fpun3bJFIjrly/s72-c/4dc8dba92ef9d6a1ba2c25baa8e3080a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy