දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය දෙකඩ කරන්න ජනාධිපති උත්සාහ කරනවා.. ඇමති සජිත් ඒකට අහුවෙන එකක් නෑ - හිරුණිකා
Homeප්‍රවෘත්ති

එජාපය දෙකඩ කරන්න ජනාධිපති උත්සාහ කරනවා.. ඇමති සජිත් ඒකට අහුවෙන එකක් නෑ - හිරුණිකා

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. බ...

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි - අගරදගුරු
කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ !
කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න - ජනාධිපති ජාතියෙන් ඉල්ලයි
ක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න තිබෙන බව සත්‍යයක් බවත් එය සැඟවීමට දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

බීබීසී සමග පැවති සාකච්ඡාවකදී ඇය පැවසුවේ, “අගමැතිතුමත් සජිත් ප්‍රේමදාසත් වෙන කවුරුත් නියෝජිතයෝ යවන්නේ නැතිව ඒ දෙන්නා තනියෙන් මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්න යන්නේ කියලා කතා කරගෙන දෙදෙනා එකතු වෙන්නේ නැතිව මේ ගමන යන්න බෑ,” යනුවෙනි.

ඉදිරි ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ ජනාධිපතිවරණයට කලින් පැවැත්වෙන බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් ජනාධිපතිවරණයේ දී විය හැක්කේ කුමක් ද යන්න අනුමාන කළ හැකි වනු ඇති බවය.

පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම සුදුසු අවස්ථාවේ හෙළිදරව් කෙරෙනු ඇති බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසීය.

“අපි 2015 ජනවාරි 8 වෙනිදා ජයගත් අපේක්ෂකයා හඳුන්වා දුන්නෙත් නාම යෝජනා කැඳවීමට සතියකට කලින්. මේ සැරෙත් අපිට හදිස්සියක් නැහැ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත් කළා වේලාසන වැඩියි. කල් යන්න යන්න අපේක්ෂකයන්ගේ අඩුපාඩු වැරදි පේනවා වැඩියි ජනතාවට. එතුමා කරන කියන දේවල් පරස්පරයි. ජනතාවට ඒවා වැටහෙනවා.”

එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණය ජය ගත හැකි අපේක්ෂකයා “පක්ෂය ඇතුළේ තීරණයක් අරගෙන හොඳ අපේක්ෂකයෙක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරාවි,” යනුවෙන් පැවසූ ඇය අලුතෙන් ජන්දය හිමි ලක්ෂ 17 දිනා ගැනීම වැදගත් බවද පෙන්වා දෙයි.

ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරු වන්නේ දැයි විමසු විට ඇය පැවසුවේ, “මේ වෙනකොට සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා කියනවා. සමහරු කියනවා කථානායක කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් වුවමනාවක් තිබෙන බව පේනවා. සියලු දෙනාම එකතුවෙලා කතා කරලා මේ ගමන යා යුතුයි. කවුරු දැම්මත් සන්ධාන ගත නොවී අපට ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒ දාන පුද්ගලයා කවුරු වුණත් ඔහු මුළු රටේ සියලු ජන කොට්ඨාශ වල විශ්වාසය දිනාගත් කෙනෙක්,” විය යුතු බවය.

එසේම එම අපේක්ෂකයා “එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පාක්ෂිකයන්ට සාධාරණයක් වෙන සහ පාක්ෂිකයන් වෙනුවෙන් සිටින කෙනෙක්” විය යුතු බව ද ඇය පැවසුවාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරමින් සිටින බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළාය.

“දින 52 ගැන මතක ඇති. එතුමාගේ ඕනෑ එපාකම් අනුව මේ පක්ෂය දුවන්න බැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක විශාල වෛරයකින් ඉන්නේ කියලා එතුමාගේ ප්‍රකාශ වලින් පේනවා. එතුමාගේ අවසාන අභිප්‍රාය මේ පක්ෂය දෙකට කැඩීම. මේ පිටිපස්සේ එතුමා ඉන්නවා. මේ පක්ෂේ රණ්ඩු පිටුපස්සේ එතුමා ඉන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ නිර්පාර්ශික නායකයෙක් ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව තිබූ නමුත් ඔහු එය ඉටු නොකළ බවය.

එබැවින්, ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව කටයුතු කළ හැකි අපේක්ෂකයෙක් අවශ්‍ය බව ඇය පැවසීය.

“මම හිතනවා සජිත් ඇමතිතුමාත් ඒ ගැට වලට හසු වන්නේ නැහැ. අගමැති තුමත් ඒ ගැට වලට හසු වෙන්නේ නෑ. මම හිතනවා පාක්ෂිකයන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් දායි කියල. අපේ පක්ෂයේ තීරණය පිට අයගේ වුවමනාවන් අනුව හැරවිය යුතු නැහැ කියලා මම හිතනවා.”

“එක්සත් ජාතික පාක්ෂිකයෝ කලකිරීමට පත්වෙලා ඉන්නවා ඇති. නමුත් පාක්ෂිකයින් ඉල්ලන්නේ එහෙ මෙහෙ ගෝනි බිල්ලෝ ගෙනල්ලා පක්ෂය නැති කර ගන්න එපා කියන එක.”

ඇය අදහස් කරන්නේ පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නේ ද මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය.

– BBC


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය දෙකඩ කරන්න ජනාධිපති උත්සාහ කරනවා.. ඇමති සජිත් ඒකට අහුවෙන එකක් නෑ - හිරුණිකා
එජාපය දෙකඩ කරන්න ජනාධිපති උත්සාහ කරනවා.. ඇමති සජිත් ඒකට අහුවෙන එකක් නෑ - හිරුණිකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigttHlOsxTtcKF9ctRZtORPLGH3C3GpKpzgBJe9eM4OkzHrfCKoZbSqFmgq6GrWUriO670iYzlSyXxHxlIYN4ye6q8MII2W5X78eXjKELCwwGh_VqVnJA6bfqoE_bYNs77lydN-kWxxXf-/s320/hirunika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigttHlOsxTtcKF9ctRZtORPLGH3C3GpKpzgBJe9eM4OkzHrfCKoZbSqFmgq6GrWUriO670iYzlSyXxHxlIYN4ye6q8MII2W5X78eXjKELCwwGh_VqVnJA6bfqoE_bYNs77lydN-kWxxXf-/s72-c/hirunika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy