එ ක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ඉදිරි ජනාධිපතිවරණයේදී ජවිපෙ පාර්ශ්වයට සහයෝගය දීම සුදුසු බවට ශ්‍රීලනිප මහ ලේකම්වරයා...
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ඉදිරි ජනාධිපතිවරණයේදී ජවිපෙ පාර්ශ්වයට සහයෝගය දීම සුදුසු බවට ශ්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය සුබවාදීව පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරන්නේ අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතාව ජාතික ජනබලවේගය සහාය දීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළංකර ගතහැකි එකම විකල්පය ජාතික ජනබලවේගය පමණක් බවත් කී ඔහු ඇතිව තිබෙන තත්ත්වය මත එජාපෙට හෝ පොදු ජන පෙරමුණට ප්‍රතිපත්තිමය ලෙස කිසිදු ආකාරයකින් එක්විය නොහැකි තත්ත්වයකට ශ්‍රීලනිපය පත්ව ඇතැයිද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව අන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාව ජාතික ජනබලවේගයට සහාය දී රට ගොඩ ගැනීමට එක්වන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

COMMENTS