දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයිඑස් ත්‍රස්ත ලාංකිකයෙක් කටාර්හිදී අත්අඩංගුවට !
Homeප්‍රවෘත්ති

අයිඑස් ත්‍රස්ත ලාංකිකයෙක් කටාර්හිදී අත්අඩංගුවට !

PropellerAds

ක ටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික ජාලයේ ප‍්‍රධාන සැකකරුවකු එරට පොලිසිය මඟින් අත්අඩ...

රිමාන්ඩ් එකේ ඉන්න සජින් පොහොට්ටුවෙන් මැතිවරණයට !
මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි
බොරතෙල් බැරලය ඩොලර් 40 සීමාවට ඇද වැටේ.. ලංකාවේ මිල අඩු කිරීමක් නෑ !
ටාර් රාජ්‍යයේ සිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික ජාලයේ ප‍්‍රධාන සැකකරුවකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මෙහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට ඊයේ දැනුම් දුන්නේය.

මේ තැනැත්තා සමග රැදී සිටි තවත් ශ්‍රී ලාංකික සැකකරුවකු ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින දෙකකට පසු කටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් රඳවා තබාගෙන පරීක්ෂණ කිරිමෙන් පසු මෙරටට පිටුවහල් කරනු ලැබු බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

මේ වන විටත් කටාර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන සැකකරු මාතලේ පදිංචිකරුවකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා බවත් එම සැකකරු සමග අත්අඩංගුවට පත්විමෙන් පසුව කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු අනෙක් සැකකරු වන්නේ මාවනැල්ලේ පදිංචිකරුවකු එන සමද් මොහොමඩ් රියාෂි නැමැත්තා  බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මඟින් අධිකරණයට දන්වා තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව මඟින් අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු බව කියන සහරාන් ෆස්රූල් නමැත්තා වන විට රැදවුම් නියෝග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන අතර ඔහුගේ සහෝදරිය දැනට කටාර් රාජ්‍යයේ ජිවත් වන බවත් එරටදි අත්අඩංගුවට ගනු ලැබ සිටින මොහොමඩ් අන්වර් මොහමඩ් ඉන්සාෆ් නමැත්තා ඇගේ සැමියා බවත් මොහු කටාර් රාජ්‍යයේ සිටි සහරාන් ෆස්රුල් නැමැත්තා සමග අයි.එස්.අයි.එස්. සංවිධානය සමග ඍජු ලෙස සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට භාවිතා කර තිබේ.

කටාර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සහ එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගත් සමද් මොහොමඩ් රියාෂි නමැත්තා ඉකුත් ජුලි මස 16 වැනි දින කටාර් රාජ්‍ය මඟින් මෙරටට පිටුවහල් කරනු ලැබු පසු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අංශයේ නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත නම් දෙපාර්තමේන්තුව තුළ රදවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සමද් මොහොමඩ් රියාෂි නමැත්තා ත්‍රස්තවාදී කටයුතු සඳහා අයථා ලෙස ආදායම් උපයාගෙන ඇද්ද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුව ඇති අතර, ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන් දෙදෙනකු විසින් මෙරට බැංකු හා මුල්‍යාතන 19ක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම්  විස්තර ලබාගැනිමට අවශ්‍ය වි ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම මුලස්ථානවල මුලස්ථාන මෙහෙයුම් කළමනාකරුවන් වෙන අධිකරණයෙන් නියෝග නිකුත් වුයේ සමද් මොහොමඩ් රියාෂි, මොහොමඩ් නියාස් ෆාතිමා නිෂ්ලා සහ මොහොමඩ් ෆවුස් සිත්ති නිලිරාජා නමැත්තන්ට අයත් අදාළ බැංකුවල ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, විදේශයන්ගෙන් ලැබි ඇති මුදල්, සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත්, ආරක්ෂිත සේප්පු ආදී සියලු මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සියලු වර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසටය.


-නිමන්ති රණසිංහ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයිඑස් ත්‍රස්ත ලාංකිකයෙක් කටාර්හිදී අත්අඩංගුවට !
අයිඑස් ත්‍රස්ත ලාංකිකයෙක් කටාර්හිදී අත්අඩංගුවට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsbjUKpYlMN7b6cm4Pc7dFJdrXfesp1tQ6q6ohYGmK_q5Sg7372CeT_QFZMb8N6rpecwltcWDsi2Mdg4B-2jk4evtiapBOuDqQ-dMQ4tPD3X5mH6PyKkmqj0WcEXj2g680foqQYxOx7r_N/s320/ISIS-880x440.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsbjUKpYlMN7b6cm4Pc7dFJdrXfesp1tQ6q6ohYGmK_q5Sg7372CeT_QFZMb8N6rpecwltcWDsi2Mdg4B-2jk4evtiapBOuDqQ-dMQ4tPD3X5mH6PyKkmqj0WcEXj2g680foqQYxOx7r_N/s72-c/ISIS-880x440.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_498.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_498.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy