ඇ වන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වන හිටපු අල්ලස් කොමිසමේ සභාපතිනිය ...
ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වන හිටපු අල්ලස් කොමිසමේ සභාපතිනිය ද වන වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරි සතියේ දී රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කරනු ඇති බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නඩු නොපවරන බවත් ඇවන්ගාඩ් නඩුවද පවරන ලද්දේ දේශපාලන බලපෑම හේතුවෙන් බවත් ඇය එහිදී සඳහන් කර තිබුණු අතර සමාජ ජාල මගින් එය වේගයෙන් සංසරණය විය.
කෙසේ වෙතත් මෙම හඬ පටය සත්‍ය එකක්දැයි සොයා බැලීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල සදහන් කලේය.

COMMENTS