ර ණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය (25) කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි. හිටපු ජනාධිපති මහින්ද ර...
රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය (25) කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා රණවිරුවන් හා රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා
අපේ මාතෘ භූමිය දිවි පුදා ආරක්ෂා කර දුන් ජාතියේ රණවිරුවන් දහස් ගණනකගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් වශයෙන් අද දින මෙම ස්ථානයට රැුස්ව සිටින ඔබ සියලූ දෙනාම විපක්ෂය වෙනුවෙනුත් ඒ වගේම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත් ගෞරවයෙන් හා ඉතා උණුසුම්ව පිළිගැනීමට කැමතියි.
අද මෙම රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ හමුව සංවිධානය කළ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණටද මාගේ කෘතඥතාවය පළ කරනවා. අපේ මාතෘභූමිය අවුරුදු තිහකට අධික කාලයක් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට නතු වී තිබූ යුගය අපට කවදාවත් අමතක කරන්නට බැහැ.
එවන් ශාපලත් යුද්ධයක් නිමකොට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කළ රණවිරුවන් කණ්ඩායමක් අද දවස වන විට මහපාරේ වැස්සට තෙමි තෙමී අව්වට වේලෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහමඟට ඇද දමා තිබීම කෙතරම් අමානුෂික තත්වයක්ද කියලා අපි අපෙන්ම ප‍්‍රශ්න කරමු.
අදට දින 15 ක් තිස්සේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට අබාධිත රණවිරුවන් වාඩිවෙලා වැස්සට තෙමි තෙමී උපවාසයක්. වයස 55 පිරුණාම ඒ අයට ලැබෙන වැටුප් හා දීමනා වලින් බාගයක් කපන එකට විරුද්ධව දින 15 ක් රණවිරුවන්ට දුක්දීලා ආණ්ඩුව දීපු විසඳුම පිළිගන්න බැහැ කියල රණවිරුවන්ි මාරාන්තික උපවාසයකට වාඩිවෙලා.
අපේ ආණ්ඩුව කාලේ රණවිරුවන් පාරට බැහැල උද්ඝෝෂණය කරනව, මාධ්‍ය සාකච්ඡුා තියෙනව ඔබ දැකල තියෙනවද? යහපාලන ආණ්ඩුව විසඳුම් නොදී රණවිරුවන්ව පාරට බැස්සුවා විතරක් නොවෙයි, 2016 නොවැම්බර් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ආණ්ඩුව ආබාධිත රණවරුවන්ට කඳුලූ ගෑස්, ජල ප‍්‍රහාර එල්ල කළා.
නිශාන්ත මනිරාජ රණවිරුවගෙ දකුණු ඇස කඳුලූ ගෑස් උණ්ඩයක් වැදිල නැතිවුණා. ආණ්ඩුව සතයක්වත් වන්දි දුන්නෙ නෑ. සමහරු අහනව අපේ ආණ්ඩුව රණවිරු ප‍්‍රශ්න විසඳුවා නම් ඇයි අද රණවිරුවන් පාරට බහින්නෙ කියල? උත්තරය තමයි රණවිරුවන් ඉල්ලන්න කලින් අපි විසඳුම් දුන්නා. ඉලලෝගම 12000 ක් නිවාස සංකීරණයක් හදලා දෙන්න කියල රණවිරුවන් ඉල්ලූවෙ නැහැ. අපි දුන්නා. දෙමාපියන්ට / බිරිඳට බලාගන්න බැරි තරමට අබාධිත රණවිරුවන්ට අභිමන්සල හදන්න කියලා අපෙන් ඉල්ලූවෙ නැහැ. අත්තිඩියෙ, මාතර, ඉබ්බාගමුවෙ අපි හැදුවා. යුද්ධ හමුදා ස්වේච්ඡුා බල සේනාව රණවිරුවන් විශ‍්‍රාම ගිහින් මැරුනොත් කලින් බිරිඳට කිසිවක් ලැබුණෙ නැහැ. අපි ඒ අය වැන්දඹු අනත් දරු අරමුදලට දායක කරලා ඒ පවුල් සුරක්ෂිත කළා. අබාධිත රණවිරුවන්ට කොමඞ් සහිත වැසිකිලි අපි ලබා දුන්නා. 1 ශේණියට ගන්න පාසල් දරුවන්ගෙන් එක පන්තියකට අපි රණවිරු දරුවන් 07ක් ගත්තා. දිස්ත‍්‍රික් මට්ටමෙන් රණවිරු නිවාස හැඳුවා. ආබාධිත රණවිරුවන්ට ත‍්‍රී රෝද රථ, රෝද පුටු, අත්වාරු ලබා දුන්නා. හැබැයි අද රණවිරුවන් මැසිවිලි නගනවා ඒ අයට මේ කිසිවක් දැන් ලැබෙන්නෙ නැහැ කියලා.
අපි රණවිරුවින්ට දුන්න ලොකුම සුභසාසනය තමයි යුද්දය අවසන් කරලා ඒ අයගෙ මළ කඳන් ගෙදරට යන එක නැවැත්වීම, ඒ අය අබාධිත වන එක නැවැත්වීම. දුම්රිය පොල ඉදිරිපිට දිවි පි¥ රණවිරුවන්ගෙ බිරින්දෑවරුන් හා දෙමාපිියන් දැන් බිම වාඩිවෙලා අරගල කරනව. ඒ අයට ආණ්ඩුව කිසිම විසඳුමක් ලබාදීල නැහැ.
කර්නල් ලලිත් ජයසිංහට වයස 55 පිරුණාම බිරිඳට ලැබෙන්නෙ වැටුපෙන් භාගයයි. ගෝඨාභය ජනාධිපති වූ වහාම අපි ඒ බිරින්දෑවරුන්ට හා දෙමාපියන්ට සාධාරණය ඉටු කරනවා.
තිස් අවුරුදු යුද්ධය අවුරුදු තුනකින් නිම කිරීමට තරම් අපේ රණවිරු හමුදාව අද්වීතීය මෙහෙවරක යෙදුනු බව මේ රටේ ජනතාවට තවම අමතක වී නැහැ. එහෙත් මේ රටේ පාලකයින්ට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක්.
යුද්ධය නිමකොට අවුරුදු දහයක් මේ රටේ පොදු ජනතාව බියෙන් සැකෙන් තොරව සැනසුම් සුසුම් හෙළමින් සිටි බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ සාමය පැවතියේ අවුරුදු දහයක් පමණයි. පසුගිය අපේ‍්‍රල් 21 දා යළි වතාවක් මේ රට ත‍්‍රස්තවාදයට ගොදුරු කරනු ලැබුවා. එදා සිට ජනතාව සිටින්නේ බියෙන් සැකෙන් සහ අවිශ්වාසයෙන්.
අනෙක් අතට යුද ජයග‍්‍රහණයෙන් අවුරුදු දහයක් ගිය තැන ඒ ඓතිහාසික ජයග‍්‍රහණය දිනා දුන් අභීත රණවිරුවන්ට අද යුක්තිය සාධාරණය ඉල්ලා මහමඟ දහදුක් විදීමට සිදු වීම කෙතරම් සාපරාධී ක‍්‍රියාවක් දැයි මේ පාලකයෝ සිතා බැලිය යුතුයි.
ලෝකයේ කිසිම රටක ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඊශ‍්‍රායලය ඉන්දියාව වැනි රටවල පවා යුද විරුවන්ට ඉතා ඉහළින් සලකනවා. ගරු කරනවා. එහෙත් අප රටේ රණවිරුවන්ට මේ දේශද්‍රෝහී ආණ්ඩුව කරන අපරාධය ඉතාම සාහසිකයි. ඒ රණවිරුවන් ඉල්ලා සිටින්නේ ඉතා සාධාරණ දෙයක්. එය බලපාන්නේ රණවිරුවන් 400කටත් වඩා අඩු සංඛ්‍යාවකට කියලයි වාර්තා වෙන්නේ. කෙසේ වුවත් මෙම සංවේදී ප‍්‍රශ්නය වහාම විසඳිය යුතුය.
මට පෙර අද ඔබට කතා කළ ජනාධිපතිධූරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුලූ ආරක්ෂක සේවාවන් අප මාතෘ භූමියේ නිදහස ස්වෛරීත්වය, සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් එදා මෙදා තුර ඉටු කළ සේවය ගැන සහ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට තිබෙන වෙනත් යුතුකම් සහ වගකීම් ගැනත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුනා.
ඒ සියලූ කරුණු සම්බන්ධයෙන් මාගේ පූර්ණ එකඟතාවය මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන අතර මේ රටේ රාජ්‍ය ආරක්ෂාවද මහජන ජීවිත හා දේපල ආරක්ෂාවද වෙනුවෙන් ගතයුතු ඉහළම පියවර ගනිමින් අපගේ මාතෘ භූමිය යළිත් වතාවක් සාමකාමී නිවහල් දේශයක් බවට පත් කිරීමේ ජාතික මෙහෙවර නුදුරු දිනයකදීම ඉටු කිරීමට අප බැඳී සිටින බව ප‍්‍රකාශ කරනවා.
යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පි¥ හෝ අතුරුදහන් වූ 29,000 ට අධික රණවිරු සේනාව සම්බන්ධයෙන්ද ආබාධිත තත්වයට පත් වූ 60,000ට අධික රණවිරු සේනාව සම්බන්ධයෙන්ද අප රටේ මුළු මහත් ජනතාව විසින් නිරන්තරයෙන් ස්මරණයක කළ යුතු වෙනවා.
ඒ වගේම යුද,නාවික සහ ගුවන් හමුදාවද පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායන්හි නියුතු සංඛ්‍යාවද ලක්ෂ 5කට ආසන්න බව අප දන්නවා. මේ සියලූ ආරක්ෂක බලමුළුවලටත් බලපාන දැවෙන ප‍්‍රශ්න රාශියක් තිබෙන බවත් අප වෙත වාර්තා වී තිබෙනවා. 2015න් පසුව ආබාධිත රණවිරුවන්ද ඉහතින් සඳහන් කළ දැනටමත් සක‍්‍රීය සේවා වල යෙදී සිටින ආරක්ෂක හමුදාවල සාමාජිකයින්ද අමතක කර දමා ඇති බව ඔබ දන්නවා. ඔවුන් වෙනුවෙන් විසදිය යුතු සෑම ප‍්‍රශ්නයක් ගැනම ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් අවබෝධයක් ඇති පුද්ගලයෙක් තවත් සිටින්නට බැහැ.
රනිල් හරා සජිත් හරි අද මෙතැනට ආවා නම් ඔබව අමතන්නේ යුද අපරාධකරුවනි කියලයි. විලි ලැජ්ජා නැතිව ගේන හැම එකකටම අත ඔසවන කෘත ගුණ නොදන්න මිනිස්සු ඔවුන්. බොරු ප‍්‍රචාර වලට රැවටුනු යුගය දැන් අවසන් කරන්න ඕනේ. අපි කිසිම අවස්ථාවක රණ විරුවෙක්ට කම්කරුවෙක්ට වගේ සලකන්නේ නැති බව සහතික වෙනවා. එජාපයේ පොර කුකුල්ලූ වගේ දෙන්නෙක් අපේක්ෂක තර`ගයේ. මේ දෙන්න පත් කලොත් එදාටත් පොරකන එක විතරයි. පොර කුකුළන්ට ඡුන්දය දීලා ජනතාවට සේවයක් වෙන්නේ නැහැ. ඔබටත් මේ රටේ සියලූම ආරක්ෂක සේනාංක වලටත්, පොදු මහත් ජනතාවටත් යළි වතාවක් නුදුරු දිනයකදීම හොද නායකත්වයක් ලැබෙන බව අපට ඒකාන්ත වශයෙන්ම විශ්වාසයි. එය ඔබේත් මගේත් අප මාතෘ භූමියේත් ප‍්‍රාර්ථනයයි.
– SLPP Midea

COMMENTS