දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් හිස්බුල්ලාගේ පුත‍්‍රයා නමට තිබෙනවාලු!
Homeප්‍රවෘත්ති

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් හිස්බුල්ලාගේ පුත‍්‍රයා නමට තිබෙනවාලු!

PropellerAds

ආ ධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ම...

පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක්
ජනපති කොමිසමට ‘සුරක්ෂා’ පිළිබඳ පැමිණිල්ලකුත්
"විපක්ෂයේ හිටියත් හොඳ වැඩට අපි සහාය දෙනවා" - අයවැයට ශ්‍රීලනිපය සහය දෙන ලකුණු
ධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 ) පැවසීය.

මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා චාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තුවේදී  විමසූ ප‍්‍රශ්නයක මතු වූ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
 ‍
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා - මේ දිනවල විශාල කතාබහක් යනවා මේ ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ ශරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට අයිතියි.

මේ ශරියා විශ්වවිද්‍යාලය ගැන එතෙක් කොහොමද කොටස් තියෙන්නේ? එතුමා මේ රජයේම ආණ්ඩුකාරවරයෙක්. ඒ ගැන දැනගන්න ඕනෑ. රටේ පවතින නීතියත් එක්ක ජනතාව ප‍්‍රතික්ෂේප කරන මේ වගේ විශාල ව්‍යාපෘති හදන්න ඒවාට සම්බන්ධවන්න හයිය දේශපාලකයන්ට තියෙන්නේ කොහොමද? දේශපාලනඥයන්ට ඕනෑ විදියට මෙහෙම රටේ නීතිය වෙනස් කරන්නේ කොහොමද? මේකට විරුද්ධව ගන්න පියවර කුමක්ද?

රුවන් විජයවර්ධන මහතා - මේ ගැන මම දන්නා විදියට අපේ කථානායකතුමාත්, අපේ අගමැතිතුමාත් ඒ ගැන දැන් පරීක්‍ෂණයක් කරගෙන යන බව පේනවා. මේ ශරියා විශ්වවිද්‍යාලය දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරලා තියෙනවා. මේක ගැන ඇත්තටම හොයලා බලන්න වෙනවා. මේ පිටුපස තිබෙන කතාව කුමක්ද? කියලා. ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි කියලා මම හිතනවා.

ෙබන්දුල ගුණවර්ධන මහතා - අපේ උසස් අධ්‍යාපන ඇමැතිතුමාත් මේ සභාවේ සිටිනවා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා මම හිතනවා.

 උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට ඒ අනුමැතිය ලබා දීමට පෙර දීර්ඝ ක‍්‍රමවේදයක් තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ගැන තවමත් අපි කිසි පියවරක් අරන් නැහැ. අද උදේ කථානායකතුමන් මා එක්ක මේ ගැන පුද්ගලිකව කතා කළා. විශේෂයෙන්ම අපි මේ ගැන සාකච්ඡුා කරලා හරි ක‍්‍රමවේදයක් අනුව කටයුතු කළ යුතුයි.

 චමින්ද විජේසිරි මහතා - අපට තිබෙන ප‍්‍රශ්නය මේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ප‍්‍රදානය කිරීම ගැන නොවෙයි. මේක ආධාරයක් වශයෙන් ලැබුණු විශ්වවිද්‍යාලයක්, නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ පුතාට මෙහි කොටස් ලබාදීලා තිබෙන්නේ වංචා සහගතවයි. කියන කරුණු පැහැදිලි වෙනවා. මේ පුද්ගලයාට කොටස් ලැබුණේ කොහොමද? එහිදී නීතිමය තත්ත්වය අපට දැන ගන්න ඕනේ.

 කථානායකවරයා - ඒ ගැන ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිතුමා ප‍්‍රකාශයක් කළා පරීක්‍ෂණයක් කරනවා කියලා.

 රුවන් විජයවර්ධන මහතා - ඔව්. කථානායකතුමනි, රජය ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29389,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් හිස්බුල්ලාගේ පුත‍්‍රයා නමට තිබෙනවාලු!
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් හිස්බුල්ලාගේ පුත‍්‍රයා නමට තිබෙනවාලු!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8NLejwf8Vr0lYfo6gc596mOFPjKDizOH-VgAaW0DL5lo4XKnHRhOoka_Ca_JrhU7nUZwIh3q_124vQqOQjvHi3IQw9HL6wKycjC4ggkCgBMmkaImZ1OnEYDn0OphRmkl3DcLzM7WPFUZ0/s320/60db29f35383a556a1291d213a4a552dfc7dcedb.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8NLejwf8Vr0lYfo6gc596mOFPjKDizOH-VgAaW0DL5lo4XKnHRhOoka_Ca_JrhU7nUZwIh3q_124vQqOQjvHi3IQw9HL6wKycjC4ggkCgBMmkaImZ1OnEYDn0OphRmkl3DcLzM7WPFUZ0/s72-c/60db29f35383a556a1291d213a4a552dfc7dcedb.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/500_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/500_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy