දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ
Homeප්‍රවෘත්ති

එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව මේ සතිය තුළ ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බොහෝදුරට එ...

"මහනුවර සිද්ධිය මැද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අවධානමක්" - ජී.එල්
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කරයි
සමාජ මාධ්‍ය තහනම අද ඉවතට! හරීන්ගෙන් පොරොන්දුවක්
ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව මේ සතිය තුළ ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

බොහෝදුරට එම තීන්දුව ඉදිරි පැය 72 තුළ ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගන්නා බවයි. කෙසේවෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන නිශ්චිත දිනයක් ද මෙතෙක් ප‍්‍රකාශයට පත්වී නැහැ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු අවධාරණය කළේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි.

කෙසේවෙතත්, අමාත්‍ය පී හැරිසන් ද ඊයේ ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයක් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකින් ද තොරව ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බවයි. අවසන් තීන්දුව ලබන බදාදා ප‍්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායකගෙන් ද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසා සිටියා. ඔහු ද එහිදී අවධාරණය කළේ අපේක්ෂකක්ව අර්බුදය අනිද්දා වනවිට අවසන් කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද නෙත් නිවුස් වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයට පත් කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.

කෙසේවෙතත්, එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බවයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පසුව ප‍්‍රකාශ කළේ. කතානායක කරු ජයසූරිය මහතා ද, ජනාධිපති අපේක්ෂකත්ව නම් අතර සිටින බව මීට පෙර වාර්තා වුණා.

කෙසේවෙතත්, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප‍්‍රකාශ කළේ ඉකුත් සති අන්තයේදී ජනාධිපති අපේක්ෂකත්වයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ නම ඉවත් වී ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් අද දිනයේ පැවැත්වෙනු ඇති බවට ද වාර්තා පළ වනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ
එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlivzGLkPOCK8AQYpfzCl7M8OhK3jmcPD2dwuMlVvZXp_BkfcZCj04FTHD51zdzrekE0pHihDZdtIbq0FxiPAQXBv31_hT6-fb1902ltbc4GZFzqAbOYyLHMO-o8zLtPJPf5BdjhTHhP2g/s320/381e9c01058598a1aa682e2952c8950a095d4cb2.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlivzGLkPOCK8AQYpfzCl7M8OhK3jmcPD2dwuMlVvZXp_BkfcZCj04FTHD51zdzrekE0pHihDZdtIbq0FxiPAQXBv31_hT6-fb1902ltbc4GZFzqAbOYyLHMO-o8zLtPJPf5BdjhTHhP2g/s72-c/381e9c01058598a1aa682e2952c8950a095d4cb2.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy