රාජපක්ෂලා යනු පට්ටපල් හොරු ටිකක් බවත් ඔවුන් අහිංසක ජනතාව මරා දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. ...
රාජපක්‍ෂලා සමඟ බේරාගැනීමට ගනුදෙනුවක් නැති බවත් ඒ සඳහා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළද එය සාර්ථක නොවූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
නමුත් ඔවුනට දඬුවම් දීමට කටයුතු කරද්දී තම පක්ෂයේ ඇමතිවරුන්ම ඊට එරෙහිව කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වැනි දා ජනාධිපතිවරයා වූ පසුව රාජපක්ෂ කල්ලියට දිය යුතු දඬුවම් දෙන බව ද ඔහු සදහන් කලේය.
නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දවීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
මතුගම නගරයේ දී පැවැති ‘සජිත් එනවා’ රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS