එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඒකමතිකව තීරණය කළ බව පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (26 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26 වැනිදා) පස්වරු 3.00ට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ විය. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කිරීම පළමු යෝජනාවයි. බලය බෙදා හැරීම, නව මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කඩිනමින් සිදුකිරීමට ජනාධිපති ධුර අපේක්ෂකයාට පැවරෙන වගකීමක් බව පවසමින් දෙවැනි යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා දෙකම සම්මත වීමෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඒකමතිකව තීරණය විය.
ඉන් පසු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතිකව තීරණය ලැබුණු බව මහලේකම්වරයා කියා සිටියේය. අගමැති ධුරයේ සහ පක්ෂ නායකත්වයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ සභාපති කබීර් හෂීම් විසින් සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ රැස්වීමක් එළඹෙන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ලබන මස 03 වැනිදා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මංගල රැලිය ඔක්තෝබර් 10 වැනිදා පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. මෙම මාධ්‍ය හමුවට එක් වූ පක්ෂ සභාපති කබීර් හෂීම් පැවසුවේ ඉදිරි වසර හයක කාලයද එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ද සහයෝගය ලබා දීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලදී. තමන් හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවත් කිසිම කොන්දේසියකට එකඟ නොවූ බවත් ඔහු අවධාරණය කර සිටියේය. සැඟවුණු න්‍යාය පත්‍ර නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියේය. 2015 ජනවරමට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවන බවද ඔහු පැවසීය.
ජනාධිපති ධුර අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස නම් කරන අවස්ථාවට සහභාගි වීමට පක්ෂ සාමාජිකයන් රැසක් සිරිකොත පක්ෂ මූලස්ථානය අසලට රැස්ව සිටියහ. ඔවුන් සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමේ සටන් පාඨ ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි.
මේ අතර අරලියගහ මන්දිරයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විශේෂ රැස්වීමක්ද ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, නවීන් දිසානායක, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එක්ව සිටියහ. මෙම රැස්වීමේදී යෝජනා පහකට එකඟතාව පළ කිරීමට සජිත් ප්‍රේමදාස කැමැත්ත පළ කළ බව වාර්තා වෙයි. එම එකඟත්වය ජනතාවට හෙළි නොකරන ලෙසද සජිත් ප්‍රේමදාස මෙහිදී ඉල්ලා තිබේ.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ‘‘හංසයා’‘ ලකුණ දරන පක්ෂය වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වූයේද මෙම ලකුණෙනි. මෙම පක්ෂයේ නායකයා වන්නේ ශලිල මුණසිංහ වන අතර ලේකම් ධුරය හොබවන්නේ ශාමිලා පෙරේරාය.
– aruna

COMMENTS