මෙම දඩ මුදල අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ඊට අදාල ලිපි ලේඛන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අනුමත නොවීම නිසා ...
මෙම දඩ මුදල අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ඊට අදාල ලිපි ලේඛන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අනුමත නොවීම නිසා මෙසේ ප්‍රමාද වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, දුම්රිය හරස් මාර්ගයක් තුළට අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ වලංගු රක්ෂණයක් නොමැතිව රිය ධාවනය යන වැරදි සඳහා රුපියල් 25,000ක දඩයක් අය කිරීමට නියමිතව තිබුණු මුත් මේ දක්වා එය ගැසට් කර නොමැත.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතු හෙයින් අදාල ලිපි ලේඛන අනුමත කරන ලෙස විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර තිබේ.
- රංජිත් නිශාන්ත
COMMENTS