ඉ දිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දෙන්නේ ජාතීන්ගේ අනුපාතය අනුව කටයුතු කිරිම, ජාතික ආරක්ෂාව තහවුරු කිරිම ඇතුළු ඉල්ලීම් 5කට එකඟවන අපේක්ෂකයාට...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දෙන්නේ ජාතීන්ගේ අනුපාතය අනුව කටයුතු කිරිම, ජාතික ආරක්ෂාව තහවුරු කිරිම ඇතුළු ඉල්ලීම් 5කට එකඟවන අපේක්ෂකයාට පමණක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඊයේ(01) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
එසේම එහි ප්‍රධානම කරුණ වන්නේ, සිංහල, මුස්ලිම්, දෙමළ හා බර්ගර් යන ජන කොටස්වලට සාධාරණයක් ඉටු වීමට නම් ජාතීන්ගේ අනුපාතය අනුව කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන්ගේ ඉල්ලීම් තවම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බවයි.
තවද ජාතික ආරක්ෂාව ලබා දීමට කටයුතු කළ යුතු බවත්, රට ඇතුළේ පමණක් නොව පක්ෂ තුළත් ජාත්‍යන්තරය හොල්මන් කරන බවත් සඳහන් කළ උන්වහන්සේ කියා සිටියේ අපට අවශ්‍ය නායකයෙක් නිදහසේ අපට පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස ජාත්‍යන්තර ඔත්තුකරුවන්ට පවසන බවයි.
ආගම දහම පිළිබඳව ද දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ඇතුළත් විය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඡන්දය ලබා දෙන්නේ කුමකට ද යන්න පිළිබඳව විමසා සිටි උන්වහන්සේ කියා සිටියේ එවැනි දේ කරන්නේ නැතිනම් තමාටත් ශ්‍රාවකයින් පිරිසක් සිටින අතර අපි ඡන්දය නොදෙන බවත්ය.

COMMENTS