දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගරගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝඨාභය දෙයි !
Homeප්‍රවෘත්ති

අගරගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝඨාභය දෙයි !

PropellerAds

හි ටපු ආරක්‍ෂක ලේකම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කත...

පුරා විද්‍යා ස්ථානය නිරීක්ෂණයට ගිය නිලධාරීන්ට හින්දු පූජකවරු පහර දීමට තැත් කරයි
විශ්වාසභංගය නීත්‍යනුකූල නම් ධුරයෙන් ඉවත් වෙනවා
විමල් ඇතුළු 06 කට නඩු
හිටපු ආරක්‍ෂක ලේකම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි මාගේ අවධානය යොමු විය.

මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය මට තේරුම් ගත හැකිය.

එම නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර  සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යෙය් යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව මම තරයේ විශ්වාස කරමි.

එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට  වගබලා ගන්නා ලෙසද මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.

රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ මමද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් කලක් .තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක්ව ක්‍රියාකර කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසාදීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී අප රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරමි.

– ගෝඨාභය රාජපක්‍ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගරගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝඨාභය දෙයි !
අගරගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝඨාභය දෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx7oq0OWPgLltY0cUlEScskoTGd_SVj5zNxxvMRsR1mkS7cLZ2Dp0lgNyNbJ2ixcRpnsh6xGq-CLgBpfZKbhecbidgnLCPHhs_1XLh3WZ7PovoirsM4b4aB53qeyJ0TGiGvQJppcJjbkwe/s320/gotabaya-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx7oq0OWPgLltY0cUlEScskoTGd_SVj5zNxxvMRsR1mkS7cLZ2Dp0lgNyNbJ2ixcRpnsh6xGq-CLgBpfZKbhecbidgnLCPHhs_1XLh3WZ7PovoirsM4b4aB53qeyJ0TGiGvQJppcJjbkwe/s72-c/gotabaya-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_645.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_645.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy