ග වයන්ට වැළඳෙන කුර හා මුව රෝගය පැතිර යාමේ අවධානමක් ගාල්ල දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි, දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ...
ගවයන්ට වැළඳෙන කුර හා මුව රෝගය පැතිර යාමේ අවධානමක් ගාල්ල දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි, දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුව අනාවරණය කරගෙන ඇත.මෙයට පිළියමක් වශයෙන් දැනටමත් දකුණු පළාත තුළ ගවයන් ඇතුළු සතුන් ප්‍රවාහනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඉමදුව පශු වෛද්‍ය නිලධාරි එස්.ඒ මදුරි මහත්මිය මෙසේ කීවාය.
‘වෛරස් රෝගයක් වන කුර හා මුව රෝගය විශේෂයෙන් ගවයන්ගේ පාදවලට හා මුඛයට ආසාදනය වීමෙන් දරුනු රෝගි තත්ත්වයක් ඇතිවෙනවා.පාදවල හා මුඛය දිව ඇතුලු ස්ථානවල තුවාල ඇතිවීමෙන් සතුනට දැඩි වේදනාකාරි තත්ත්වයක් ඇති වෙනවා.දිව ආශ්‍රිතව තුවාල වැළදීම නිසා නිතර සෙම වහනය වනවා.ඒ මගින් ආශ්‍රිත සතුන්ටද බෝවිය හැකියි.දැනටමත් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වු මෙම තත්ත්වය නිෂ්චිතව තහවුරුකර ගැනීම සඳහා සතුන්ගෙන් ලබාගත් සාම්පල් පේරාදෙනිය පශු වෛද්‍ය රෝහල වෙත යොමුකර තිබෙ.
විශේෂයෙන් ගවයන් ඇතුළු සතුන් ප්‍රවාහනය කිරිම තුළින් රෝගය ව්‍යාප්ත වීමට හේතු වනවා.රෝගය පාලනය කර ගැනීම සඳහා සතුනට එන්නත් ලබාදීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක කරනවා’
තම ගව ගාල්වල සතුන්ට මෙම රෝගය වැළ දීම සම්බන්ධයෙන් සැකයක් ඇතිනම් වහාම ප්‍රදේශයේ සත්ව සංවර්ධන උපදේශකවරුන් හෝ පශු වෛද්‍ය නිලධාරින් හමු වී පාලනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ගවපාලනයේ නියැලි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
– හබරාදුව නිමල් අල්ගෙවත්ත

COMMENTS