මේ රටේ නායකත්වයට සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා අමරපුර- රාමඤ්ඤ මහා නිකායේ සම සභාපති මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාව...
මේ රටේ නායකත්වයට සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා අමරපුර- රාමඤ්ඤ මහා නිකායේ සම සභාපති මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සඳහන් කරති. එදා කොටි පරදන යුද්ධයේදී පෙන්වූ වීරත්වයෙන්ම රටේ සංවර්ධනය කරන්නට රටේ බහුතරය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙන බවද නාහිමියෝ කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබාගැනීමට එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
රාමඤ්ඤ-අමරපුර නිකායන් මෙරට භික්‍ෂූන් වහන්සේලා මෙන්ම දායකයන්ද අති බහුතරයක් අයත් නිකාය වෙයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීමේ අවස්ථාව පැමිණෙන තුරු ජනතාව බලා සිටින බවත් ඔහු මේ රටේ නායකත්වයට සුදුසු බවත් අවධාරණය කරන බව කෝට්ටේ සාමග‍්‍රී සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ සඳහන් කළහ.

COMMENTS